සල්ලිවලට,බාර් ලයිසන්වලට ජාතිකත්වය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක නමුත් එය පරාජය කරන අබව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, ශ්‍රී ලනක පොදුජන පෙරමුණේ ඊයේ (21) අනුරාධපුරයේදී පැවති මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය අමතමිනි.

”අපේ පක්ෂය විනාශ කරන්න දැන් ආයිත් කුමන්ත්‍රණයක් ඇතිකරලා තියෙනවා. සල්ලිවලට,බාර් ලයිසන් වලට ජාතිකත්වය විනාශ කරන මහා කුමන්ත්‍රණයක් මේ රටේ දියත් වෙලා තියෙනවා. හැබැයි ඒ කුමන්ත්‍රණය අපි පරද්දනවා. අපි පොඩි කාලේ අපේ හාමුදුරුවනේ අපේ හිතට බයක් දැනුනාම අපි දුවගෙන යනවා අපේ තාත්තා ළඟට. තාත්තා ළඟට ගියහම ඒ බය ඇති වෙනවා. මේ රටේ ජනතාවටත් ඒ තිබිච්ච බය නැති කරන්න අපිට මහා දැවැන්ත ආරක්ෂාවක් තියෙනවා කියල තේරෙන නායකයෙක් බිහිවුණා. ඒ තමයි අපේ අප්පච්චි මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ ජන නායකයා. එතුමා මේ රටේ අප්පච්චි වුණා වගේම නාමල් රාජපක්ෂ මැතිතුමනි මේ වෙනකොට මේ රටේ ඒ ශක්තිමත් ආදරණීය පුතා වෙලා ඉවරයි. අන්න ඒ ජාතියේ පුතාට මේ ජාතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්න තියෙනවා. ඒ මෙහෙවර අපි සැප්තැම්බර් 22 වැනිදා ඉදන් ශ්‍රී ලංකාව දෙවනත් කරලා පටන් ගන්න මෙහෙවර කරන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...