නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීම ලබන මස 03 සිට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

සැප්තැම්බර් 3 වනදා 2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති  රාජිත රණසිංහ මහතා පවසයි. එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවත්, රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙ.ව. 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා කියා සිටී.

එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසත්,   එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වනදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියි. මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280කි. 1,148,258ක් නව ඡන්ද දායකයින් ඒ අතර වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...