*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා – හරිනි

මේ රට හදන්න පුළුවන්. මේක නැති කරලා තියෙන්නේ මේ රටේ ජනතාව නොවෙයි. මේ ත්‍රාඩ දේශපාලුවන් හා දේශපාලනය විසින්. අපේ වගකීම තමයි මේක වෙනස් කරන එක. අන්න ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු. ඒ සඳහා පළමු පියවර සැප්තැම්බර් 21 ගනිමු. මේ රටේ පළමු වතාවට රටේ ජනතාව සැබෑ ලෙසම නියෝජනය කරන පාලනයක් හා නායකයෙකු පත්කර ගනිමු” ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

වැඩිදුරටත් ඇය කියා සිටින්නේ, මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තිබෙන බව පැහැදිලියි. එක පැත්තකින් රට හදන්න ගොඩනඟන්න හෘදය සාක්ෂියක් තිබෙන අය එකතුවෙලා ඉන්න ජාතික ජන බලවේගය. අනෙක් පැත්තෙන් මාලිමාවට එරෙහිව එකතු වෙලා ඉන්න කඳවුර. ඒ ගොල්ලන්ගේ එකම ඉලක්කය මැලිමාවේ ජයග්‍රහණය වළක්වන එක බවයි.

හරිනි අමරසූරිය ඒ පිලිබඳ දැක්වූ අදහස්,

” ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ.

මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තිබෙන බව පැහැදිලියි. එක පැත්තකින් රට හදන්න ගොඩනඟන්න හෘදය සාක්ෂියක් තිබෙන අය එකතුවෙලා ඉන්න ජාතික ජන බලවේගය. අනෙක් පැත්තෙන් මාලිමාවට එරෙහිව එකතු වෙලා ඉන්න කඳවුර. ඒ ගොල්ලන්ගේ එකම ඉලක්කය මාලිමාවේ ජයග්‍රහණය වළක්වන එක. ඒක කරන්න කීයටවත් බැහැ. මොකද ජනතාව ඉන්නේ මාලිමාවත් එක්ක. ඔබ මේ දිනවල දකිනවා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන පැනිලි. කාගෙ හරි නමක් කිවුවොත් එයා කොයි පැත්තෙද ඉන්නේ කියල ගොඩක් වෙලා කල්පනා කරන්න අපිට සිද්ධ වෙලා. ඔවුන් ප්‍රතිපත්තියක් නැති ගෞරවයක් නැති, තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ට ගරු කරන්නේ නැති ඉතාම පටු පෞද්ගලික වුවමනා වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන්න ඔවුන් සූදානම්. මාලිමාවේ ආණ්ඩුවකින් අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ විදියට ජනමතයට පයින් ගහලා පක්ෂ මාරුකරනවා, නම් ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි කරන්න. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ මොකටද? කාව නියෝජනය කරන්නද කියන එකත් දැන් ඔවුන්ටඅමතක වෙලා. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා තිබෙන්නේ මෙවැනි දූෂිත ප්‍රතිපත්ති රහිත දේශපාලකයන් නිසා. අද වැඩිහිටියෝ බඩ ගින්නේ. ළමයි බඩ ගින්නේ. තරුණ තරුණියෝ රට දාලා යනවා.

ජීවත් වෙන්න තිබෙන සියලු අවස්ථා අපෙන් උදුරාගෙන මනුෂ්‍යත්වය පවා අපිට අහිමි කරලා. ගෙයි සාලෙ පින්තූර තියෙනවා. පවුලෙ කට්ටිය ඔක්කෝම හිනාවෙලා ඉන්න. හැබැයි ගෙදර නැහැ. අම්මයි තාත්තයි පින්තූර දිහා බලාගෙන ඉන්නවා. ළමයි රට දාලා ගිහිල්ලා. ඔවුන්ට එහෙම යන්න වෙලා තිබෙන්නේ මේ දූෂිත පාලන ක්‍රමය නිසා. මේක අපි වෙනස් කරන්න ඕනෑ. දේශපාලනය කියන්නේ ජනතා සේවයක්; ව්‍යාපාරයක් නොවෙයි. දූෂිත, දූෂණයට එරෙහි හරියටම නීතිය ක්‍රියාත්මක කරන, ජනතාවට සේවය කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවා ගත යුත්තේ. එවැනි අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ අදූෂිත නායකත්වයකට පමණයි. අනුර කුමාර දිසානායක කියන්නේ අන්න එවැනි අදූෂිත නායකයෙක්. මේ රටේ ජනතාවගේ ජීවිත හොඳින්ම තේරුම් ගත් කෙනෙක් කුඩා වයසේ සිටම මේ රටේ ජනතාට වෙලා තිබෙන අසාධාරණකම්, අසමාන සැලකිලි හොඳින් දන්න කෙනෙක්; අත්වින්ද කෙනෙක්. ඔහු අවුරුදු 30ටත් වඩා වැඩි කාලයක් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න කැප වුණු කෙනෙක්. අවුරුදු 20කට එහා සිට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සටන් කළ කෙනෙක්. එතෙක් කල් දේශපාලනයේ ඉඳලා ඔහුට විරුද්ධවකිසිම චෝදනාවක් කිසිවෙකුට එල්ල කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා හතුරන් කරන්නේ ඔහුට විරුද්ධව බොරු අවලාද මඩ ගසා දමන එක පමණයි. දූෂිතයන් ඔහුට බයයි. මොකද? පාර්ලිමේන්තුව තුළ ඔහු තමයි දූෂිතයන්ව නිර්භයවම හෙළිදරව් කළේ. ඔහු තමයි අපි වගේ ව්‍යාපාරයකට ඉන්න පුළුවන් හොඳම නායකයා. ඒ නිසා තමයි ඔහු අද වන විට ජනතාවගේ හදවත්වල ඉන්න නායකයා බවටත් පත්වෙලා තිබෙන්නේ. සැප්තැම්බර් 21 උදෙන්ම ගිහිල්ලා ඔබේ වටිනා ඡන්දය, ඔබ අපි ප්‍රාර්ථනා කරන වෙනස වෙනුවෙන් පාවිච්චි කරන බව අපට විශ්වාසයි. මේ අවලාදවලින් මඩවලින් ඒක වෙනස් කරන්න බැහැ.

මේ රට හදන්න පුළුවන්. මේක නැති කරලා තියෙන්නේ මේ රටේ ජනතාව නොවෙයි. මේ ත්‍රාඩ දේශපාලුවන් හා දේශපාලනය විසින්. අපේ වගකීම තමයි මේක වෙනස් කරන එක. අන්න ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු. ඒ සඳහා පළමු පියවර සැප්තැම්බර් 21 ගනිමු. මේ රටේ පළමු වතාවට රටේ ජනතාව සැබෑ ලෙසම නියෝජනය කරන පාලනයක් හා නායකයෙකු පත්කර ගනිමු” ලෙස හෙතෙම පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan