STF වෙඩි පහරින් සැකකරුවකු මරුට !

Date:

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (22) අලුයම එම ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවකු පළාගොස් ඇති අතර අනෙක් සැකකරු වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළේය.

වෙඩිවැදීමෙන් මියගිය පුද්ගලයා පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...