නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW:
ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රීඩාවේ උන්නතිය සඳහා එකතුවීම වැදගත්ය.එවැනි ආකාරයේ වැඩ පිළිවෙලකට මුල පුරන්නට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රමුඛ කර ගනිමින් දේශපාලන නායකයින් සහ අමාත්‍යංශ දෙකට අදාළ නිලධාරීන් අතුළු පිරිසක් හමු වූ බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයකින් පැවසෙයි.
මේ හමුවට පෙර මේ කේෂ්ත්‍ර සම්බන්ධයෙන් විවෘත සමාජ සංවාදයක් ඇති කළානම් වැදගත්ය.පොළවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන අදහස විවිධ ක්‍රීඩාවන්ගේ එලීම සිඳුවන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික කතාබහකින් පසුව මේ කාරණා මේස මතට පැමිණිය යුතු බව අපේ අදහසය.ආචාර්ය හරිනි හෝ සුනිල් කුමාර ගමගේ මේ අමාත්‍යංශවලට අලුතෙන් මිනිස්සු රැඟෙන පැමිණ පුටුවල ඉඳ නොගත් බව ඇත්තය.ඒ අමාත්‍යංශ දෙකම මේ මාතෘකාවන් සහ කියන වචන ඒ ආකාරයටම කියූ ලියූ ඉතිහාසයක් ඇති අතර ඒවා පොළවේ ක්‍රියාකාරී නොවිණි.ඒ ප්‍රධාන වශයෙන් ඒවා නිර්මාණය කිරීම සිඳු වූ කාර්යාල ඇතුළ ඇති සීතට පිටියේ තිබෙන සැබෑ උෂණත්වය නොදැනී යාමය.

ක්‍රීඩාව සඳහා වන මහජන කතිකා මණ්ඩපයක් සහ යෝජනාවලියක්,ගැටළු හඳුනාගැනීමේ වැඩ සටහනක් ඇති විය යුතු බව වසර ගණනක සිට සමහර මාධ්‍ය හරහා ඉදිරිපත් කර ඇත.ඒ අතරින් රාවය,ලංකා ඇතුළු විකල්ප පුවත්පත් ධාරාවට අයත් පුවත්පත් විශේෂය.ඒවා පොළව පාඟා ස්පර්ශ කර ලියූ ඒවා මිස රැහැන්ගත රැහැන් ගත නොවූ සංනිවේදන ක්‍රම හරහා දැණුන ඒවා නොවේය.
ලංකාවේ පාසල් පද්ධතිය රැක ගැනීම ක්‍රීඩාවේ ප්‍රදානතම ඉලක්කවලට ජාතික වශයෙන් ළඟාවීමට බලපායි.එහෙත් පාසල් ක්‍රීඩාව මුහුණ දෙන විශාලතම අර්බූදය ප්‍රාදේශිය වශයෙන් ගත් විට සෑම ක්‍රීඩාවකටම ඇති පහසුකම් හිඟයයි.ඒ තත්වයට මුහුණ දීමට උපකාරී වන ප්‍රාදේශීය ක්‍රීඩා පරිපාලන ඒකක ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩාවන්ට අදාළ සංගම්වල පණත් හරහාම සිඳුවිය යුතුව ඇතත් සමහර ක්‍රීඩාවල චෝදනාලාභීන් ජාත්‍යන්තරය ද අන්දවමින් ඒ ප්‍රාදේශිය පරිපාලන හකුළුවා දමමින් ඇත.
මේ සාකච්ඡා රාමුව තුළ අග්‍රාමාත්‍යතුමිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලකය.ක්‍රීඩා අමාත්‍යවරයා ගාල්ලේ ප්‍රධාන පාසලක නොවේය.ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගිණිගතහේනට වන්නට විදුලිපුරය.මේ තිදෙනාගේ මධ්‍යයනය විය යුතුව ඇත්තේ කුමක් ද?

ආචාරය හරිනි මේ තිදෙනාගෙන් සෘජු ජවිපේ නොවුණ ද විවිධ ජන කොටස් සම්බන්ධයෙන් සහ සමාජ අසමානකම්වලට එරෙහිව වෘත්තියෙන්ම ජිවිතයෙන්ම දායක වූ ඉතිහාසයක් ඇති තැනත්තියකි.සමානත්මතාවය වෙනුවෙන් වලාසිතා නොකර කැපවීමක් කරන්නට ඇයට තිබුණ සමාජ භෞතික වටිනාකම් යම් තරමකට නොසළකා හැර කටයුතු කරන්නට නිර්භිත වූ අයෙකු ලෙස ද හරිනිගේ සමාජමය භාවිතාවන් අප හඳුනාගෙන ඇත.මැඩම්ය උරුමය සහෝදරීමය භාවිතාවට පෙරළා ගැනීමේ කැපවීම ඇය ප්‍රකට කළ අයෙකි.සෙසු දෙදෙනා මේ මොහොතෙත් සිටින්නේ ‘සර්’මයභාවයට සහෝදරභාවයෙන් පිවිසෙමින්ය.

වෘත්තීය දැන උගත්කම සමඟ කරන පාලකයාගේ වෘත්තියට වඩා සමාජය හසුරුවන පාළකයාගේ බර වෙනස්ය.එ් බර ක්‍රමිකව වර්ධනය නොවුණු තැනෙක සිඳුවන්නේ ඒ බර තිබෙන බව පෙන්නීමේ අවශ්‍යයතාවය සහ උනන්දුව තිව්රවීමය.මේ තත්ත්වයට සරල උදාහරණයක් ලෙස ක්‍රීඩා පණත සංශෝධනයේදී සිඳු වූ එක වෙනස්කමක් පෙන්වා දිය හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ වෘත්තිය සහ තවත් වෘත්තීන් තුනක් ගෙන ඒවා ක්‍රීඩාවේ ප්‍රායෝගිකව නියැලුණේ නැති වුව ද යම් කිසි වෘත්තිය පළපුරුද්ද සම්බන්ධ සීමාවක් පසු කළ පසු එ් වෘත්තීන් හතරට ක්‍රීඩා සංගම්වල ප්‍රදාන තනතුරු දැරිය හැකි බව නව සංශෝධනයෙන් පෙන්වා දෙයි.ඒ හරහා ඇමතිවරයා සිය වෘත්තිය නිපුනතාවය සම්බන්ධයෙන් සමාජය මත තබන ප්‍රභූ බර මතින් හඟවන්නේ සහෝදරමයභාවය ‘ස්ර්’මයභාවයට පෙරළෙන විට ඇතිවන සසලවීමය.
මේ සිඳුවීම නිසාම අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට මලල ක්‍රීඩා පරිපාලන ඒකකයක් අත්‍යශ්‍යය මොහොතක ඉතා ඉහළ දස්කම් දක්වන ක්‍රීඩකයින් සිය උපරිමයට ළගාවෙමින් සිටින මොහොතක එය අයාලේ යන තත්ත්වයට පත්ව ඇත්තේ අමාත්‍යවරයා විසින් සිය වෘත්තිය ද ප්‍රභූ මට්ටමට පත් කරමින් කළ සංශෝධනය හරහා සිය අමාත්‍යංශයටම සම්බන්ධ වෛද්‍යවරයෙකු මලල ක්‍රීඩා නිලවරණයට ඉදිරිපත් වී එම නාමයෝජනාව පිළිනොගැනීම සම්බන්ධයෙන් දැක් වූ විරෝධතාවය නිසාය.
නිලවරණයට ඉදිරිපත් කළ යුතුව තිබූ වත්කම් ප්‍රකාශය නිසි පරිදි වෛද්‍යවරයා විසින් ඉදිරිපත් නොකිරිම ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂෙපවීමට හේතුවය.නිලවරණයට ඉදිරිපත්වන විට එය අත්‍යවශ්‍යය කළේ නිලවරණ කමිටුවද?එසේත් නැතිනම් මෙහි දී සිඳුවිය යුතුව ඇති නිර්නායකයන් සැකසූ අමාත්‍යංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ද?සාමාන්‍යයෙන් එය පොදු කොන්දේසි හැටියට සකස් විය යුතුව ඇත්තේ ඉහත ආයතන දෙක හරහා ය.එහෙත් සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ලිපියක් නිකුත් කරමින් වත්කම් ප්‍රකාශය නොමැතිකම සළකා බලා නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරිම නිවැරදි නොවන බව කියා නිලවරණයට නිලවරණ කමිටුවේ තීරණය නොසළකා බලපෑමක් ඇති කරන්නේය.කවුරුන් හෝ එවැනි සුදුසුකමක් නිලවරණයට ඉදිරිපත්වීමේදී සළකා බැලිය යුතුබව කීවේ ඇයි?එය අනවශ්‍යය බව නිලවරණ කමිටුවට නිලවරණයට පෙර දැණුම් නොදුන්නේ ඇයි?
මෙවැනි අවසානයේ අදාළ නොවන නොසළකා හරින නිර්නායක අධ්‍යාපන අමාත්‍යංශය තුළ ද තිබිය හැකිය.’ඒක තිබුණට ඒක ගණ් ගන්න වෙන ක්‍රමයක් හැදිලා තියෙනවා අගමැතිතුමිය’ කියා සිඳුවීමෙන් පසු තමන්ගේ පැත්තේ ආරක්ෂාවට එය ඉදිරිපත් කරන තෙක් අදාළ සිඳුවිමෙන් අපහසුවට පත්විම වැලක්වීම වෙනුවෙන් ඒවා නොකියූ බව ඉහත සිඳුවීම් දුටු විට අග්‍රාමාත්‍යතුමියට ද සිහිපත් විය හැකිය.
“සෑම සිසුවෙකුටම ක්‍රීඩාවලට සහභාගී විය හැකි පරිදි සමාන අවස්ථා සැලසීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා ය.“
ඉහත වාක්‍ය එම මාධ්‍ය නිවේදනයේ තිබුණු හැටියටම උපුටාගත් එකකි.මෙය ඉතාම වැදගත්ය.ලංකාවේ කොයි ඉසව්වක සිටියත් මේ අවස්ථාව හිමි විය යුතුය.එයට ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය සතු වැඩ සටහන්වලට අමතරව ඒ ඒ ක්‍රීඩා සංගම් සම්මේලන සතුව තිබුණු පළාත් හෝ දිස්ත්‍රික් සංගම්වල ක්‍රියාකාරිත්වය ද වැදගත් වන්නේය.
එහෙත් අග්‍රාමාත්‍යතුමිය ක්‍රීඩා අමාත්‍යවරිය වූ සුළු කාලයේදී වර්ථමානයේද ලැබෙන ආරංචි අනුව ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතුව ක්‍රීඩා උපදේශක සභාවේ මුල් පුටුවට පැමිණි බව කියන ප්‍රියන්ත ඒකනායකගේ ආශිර්වාදය ඇතුව ඔහු කළ එක ක්‍රීඩාවක් වන රගර් ක්‍රීඩාවේ පළාත් සංගම්වලට තිබුණු බලය හතුළා දමා ප්‍රධාන ක්‍රීඩා සංගම්වලට එම බලය පවරා මේ මොහොත වන විට පැවති ව්‍යස්ථාවේ බලය හිමි කොටස් පසෙකට කර නව පරිපාලනයක් අමාත්‍යවරයාගේ බලය හරහා පත් කර විශේෂ කාර්යසාධන ඒකකයක් මඟින් නව ව්‍යස්ථාවක් හරහා නිලවරණයක් කැඳවා ඇති බව අග්‍රාමාත්‍යතුමිය නොදන්නවා විය යුතුය.
මේ හරහා විවිධ චෝදනා සහිතව පැවති ව්‍යහුය තුළ ආහීර්වාදය නොලද පිරිස් බලයට පැමිණීමට මාර්ගය සකසා ගනිමින් සිටින බවත් එහෙත් එසේ කැඳ වූ නිලවරණයට නිසි පරිදි නාම යෝජනා කොන්දේසි සපුරා ගන්නට නොහැකි විම නිසා එම නාමයෝජනා ප්‍රතික්ෂෙප වී ඇති බවත් සමහර විට නිලවරණ කමිටුව ගත් තීරණය සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගෙන් හෝ අමාත්‍යංශය හෝ අමාත්‍යවරයා මැදිහත්ව උපදේශක සභාපතිතුමාගේ බලපෑමෙන් වෙනස් වීමට ද හැකි බව තැන තැන කතාවන්නේය.එසේත් නැත්නම් ඒ කිසිවක් නොසළකා ආසියානු සභාපතිගෙන් ලිපියක් ගෙන්වා ගෙක නිලවරණය පැවත්වීමට ඉඩ ඇති බවද අතැමුන් පවසන්නේය.රටේ නීතිය නොසළකා ආසියානු සභාපතිට අනුව වැඩ කිරීම ගැන පූර්වාදර්ශද ඇත.
මේ ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශය පමණක් නොව අධ්‍යාපන අමාත්‍යංශයද ගලා බසින ක්‍රමයක මේ අමාත්‍යංශ දෙක ක්‍රීඩාව වෙනුවෙන් එකතුවීම ඉතා වැදගත්ය.එහෙත් කෙසේ කුමනාකාරයෙන් එය සිඳුවන්නේ ද යන්න පිළිබඳව යම් ආකාරයක නිර්නායකයන් ප්‍රසිද්ධ කර මහජන අදහස් ද ලබා ගැනීම වැදගත්ය.
ක්‍රීඩා අමාත්‍යවරයාට ඔහු හා මාධ්‍යවේදීන් අතර හමුවේදී කී දෙයක් ඇත.එයනම් රාජ්‍ය පරිපාලනයට ද ඇතැම් විට අධ්‍යාපන අමාත්‍යංශ පාලනයට ද අයත් ක්‍රීඩා පිටි සම්බන්ධයෙන් ඒවා පාලනයට නිර්නායකයක් ගෙන ආ යුතු බවය.ඒවා හරකුන් ලඟින,බල්ලන් ලඟින තැන් නොවීම සහ විවිධ සංදර්්ශණ සඳහා යොදා ගැනීමේදී එම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන ස්ථානවලට හානියක් නොවන්නට සහ විශේෂයෙන් ධාවනයේ යෙදෙන ප්‍රදේශවලට හානියක් නොවන්නට පවත්වා ගැනීමේ වටිනාකම පැහැදිළි කළෙමු.එහෙත් ඒවා කණකට ගත් බවක් හෝ පෙනෙන්නේ නැත.
ක්‍රීඩා ගුරුවරුන් හිටියත් බොහෝ සිසු සිසුවියන් පුහුණුව සඳහා වෙනත් පුහුණුකරුවන් සමඟ ක්‍රීඩා කරන්නේ මේ මහජන ක්‍රීඩාංගණවලය.ක්‍රීඩා ගුරුවරුම පුහුණුකළත් ඒ සඳහා බොහෝ පාසල්වට ක්‍රීඩාංගණ නැත.උදාහරණයකට රත්නපුර ගත් විට එහි ප්‍රධාන පාසල්වලින් ක්‍රීඩා පුහුණුවට පිටියක් ඇති (එහෙත් මීටර් 400 නොවේ) පාසලකට ඇත්තේ හිඳැල්ලන සීවලි මධ්‍ය මහා විද්‍යාලය පමණි.සුමනා බාලිකාව,ෆර්ගියුෂන් උසස් බාලිකාව,ඇලෝසියස් වැනි විද්‍යාල ක්‍රීඩා කරන්නේ රත්නපුර නගරයේ පිහිටි සීවලි ක්‍රීඩාංගණයේ හෝ මුද්දුව ක්‍රීඩාංගණයේය.
ක්‍රීඩාංගණයක ඇතිවන වලක් වැනි දෙයකින් ක්‍රීඩකයෙකු සමහර විට ජීවිත කාලයටම ක්‍රීඩා කළ නොහැකි තත්ත්වයට පත්විය හැකිය.එයනම් ප්‍රායෝගිකව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා දන්නේය.ඇතැම් විට ගොම ගොඩක් උඩ ලිස්සා වැටීමේ අවසාන ප්‍රතිපලයද එය විය හැකිය.
එසේම අප කාලයක සිට පෙන්වා දෙන්නේ ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් අවසානයේ පවත්වනවානම් එය කොළඹ කෘතිම ධාවන ඵතයේ පැවත්විය යුතු බවය.ඒ හොඳ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට ක්‍රීඩකයන්ට තමන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කර ගන්නට විශේෂයෙන් දාවන තරගවලදී ආබාධ වීමට පොළවෙන් වන බලපෑම අවම කර ගන්නට වැනි කරුණු සළකාය.එහෙත් තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයට, ගමට ගෙන ගොස් දේශපාලනික ප්‍රසාදය උපයා ගැනීමට දේශපාලකයෝ කල්පනා කරති.එයින් ජාතික ක්‍රීඩා උළෙලේ දේශපාලකයාට වැටෙන ලකුණුවලට සමානව මලල ක්‍රීඩාවේ ප්‍රගතියට ලකුණු එකතු වන්නේ නැත.එහෙත් අමාත්‍යංශ නිලධාරීන්ගේ ද ඇතුව ආශිර්වාදය ඇතුව මෙවරත් මලල ක්‍රීඩා ඉසව් ක්‍රියාත්මක වන්නේ ගාල්ලේය.ක්‍රීඩා ඇමතිතුමාගේ ගමේය.
මේ ව්‍යහුයමය වශයෙන් ඇති ඉහළ ක්‍රීඩාවකට වන නොගැලපීම් වෙනස් කර ගැනීමෙන් තොරව අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ක්‍රීඩාවේ ප්‍රගමණයට ක්‍රීඩා අමාත්‍යංශ්‍යට උපකාරී විය හැකිද? සමහර විට වසර ගණනක ඉතිහාසය ගත් විට මේ ආකාරයේ සාකච්ඡාවලට අගමැතිතුමිය සහ ක්‍රීඩා අමාත්‍යවරයා එකට අසුන් ගන්නේ පළමු වතාවට වුව ද,කිහිපවරක් අසුන් ගත් නිලධාරීන් දෙපසේම සිටිය හැකිය.
මේ ඇත්ත තත්ත්වය හමුවේ පොළවේ කීඩාව සමඟ හැප්පෙන මිනිස්සුන්ගේ දහඩය සමඟ මිශ්‍ර වී තිබෙන දුක්ඛ දෝමනස්ස සුළු පටු නැත.ඒවායෙන් මිදීමට ඇති උවමනාව සහ අදහස මෙන්ම අවශ්‍යයතාවය ද අනුව විසඳුම් සම්බන්ධයෙන් වන තීරණ ඇත්තේ ද ඔවුන් සතුවය.පිට්ටනියේ පොළව නිවැරදිව නොලැබෙන තැන සිට ඇතිවන මේ අර්බූදවල හිමිකරුවන් නොසළකා කරන සාකච්ඡාවලින් වන්නේ එම අර්බූද තිබියදි වෙනත් කාරණාවන් ක්‍රීඩාව මත පැටවීමය.සමහර විට ඇත්ත ගැටළුවලට ඒවාද බරක් විය හැකිය.
“ක්‍රීඩා තරග සඳහා අයදුම් කිරීමේ දී පරිගණක දත්ත පද්ධතියක් හරහා අයදුම් කිරීමට කටයුතු සම්පාදනය කිරීමට ද මෙහි දී අවධානය යොමු විය.“
මේ තත්ත්වය දැනටත් ඇතැම් තැන් හී ක්‍රියාත්මකය.මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ සහයද ලබා ගෙන ගෙවීම් කිරීම් අවශ්‍යය වූ විට ඒ වෙනුවෙන් ඇති ගෙවීමේ ඇප් ද භාවිතයට ගැනීමට හැකිය.ඒ සම්බන්ධයෙන් තරග සංවිධාවක කමිටුවක් රජයේ සහ පෞද්ගලික පාසල්වල දායකත්වයෙන් ස්වෙච්ඡාවෙන් ඇති කළ හැකිනම් ඒ වෙනුවෙන් සැකසෙන වෙබ් අඩවියකට අදාළ ගෙවීම් ක්‍රම සහිත පෞද්ගලික ආයතනවලින් වෙළද දැන්වීම් පවා ලබා ගැනීමට හැකිය.ක්‍රීඩාවේ තාක්ෂණික ප්‍රගතිය උදෙසා වන අරමුදලක් සකසා ක්‍රීඩා අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට අවශ්‍යය සහය ලබා ගැනීමට හැකි ව්‍යහුයක් ඒ හරහා සකස් කිරීමටද හැකියාව ඇත.
එසේම පරිගනකාශ්‍රිත දැණුම සහ ඒ හරහා කීඩාවට අවශ්‍යය කරන නිර්මාණ කිරීමට ද ක්‍රීඩා ගුරුවරයාගේ සිට ක්‍රීඩා නිලධාරියා දක්වා වන වෘත්තීන්ට ඉඩ පහසුකම් සකසා දිම කළ යුතුය.එයද අධික්ෂණය කිරීමට ජාතික ක්‍රීඩා විද්‍යායතනය වැනි ස්ථාන යොදා ගැනීමේ ඉඩක් ඇත.ජාතික ක්‍රිඩා විද්‍යායතනය හරහා ක්‍රීඩා කේෂ්ත්‍රෙය් පුහුණුකරුවන්ට,ගුරුවරුන්ට ක්‍රීඩා විද්‍යායතනයට නොපැමිණ කියවිය හැකි අවකාශයක් නිර්මාණය කළ යුතුය.එයින් යම් ආදායමක් ද ලබා ගත හැකි අතර එයින් ජාතික ක්‍රීඩා විද්‍යායතනය සතු ඉහළ වටිනාකමකින් යුතු පුස්තකාල පහුසකම් තව දුඑටත් දියුණු කරන්නටද හැකිය.එසේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා භේතිකව පෙනී සිටීම අනිවර්ය වූ ඔන්ලයින් පාඨමාලාවන් ගැන ද කල්පනායට ගත හැකිය.
ඉංග්‍රිසි මාධ්‍යය වූ විදේශිකයන්ට සහභාගි විය හැකි ඔන් ලයින් සහ භෞතිකව සහභාගී විය හැකි පාඨමාලා ගැන ද අවධානය යොමු කළහොත් එටට විදේශ විනිමය උපයන ආයතනයක් බවට ජාතික ක්‍රීඩා විද්‍යායතනය පත් කර ගැනීමේ හැකියාව ඇත.
මේ නිසා කරුණු විවෘත උපයා ගත හැකි ඉඩ ගැන කල්පනා කර අපි තමයි දන්නෙ වෙන අදහසක් කිවහොත් ගොන් කතා කියන්නෙපා වැනි කතා කියන සියල්ල දත් දේශපාලන හැසිරිමක නොසිට මේ කාරණාවන් ක්‍රීඩාව සමඟ බැදුණු පොළවට බැස එහි අදහස්වලින් පෝෂණය කර රටට ගෙන ඒම වැදගත්ය.දැන් සිඳුවන්නේ ඉහළින් පහළට ගෙන ඒමය.එහෙත් දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය.

.