කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

Date:

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව පසුගිය 21 දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

කෘෂි නිෂ්පාදන වෙළඳ අමාත්‍යංශය සහ කර්මාන්ත අමාත්‍යංශය හරහා දේශීය හා විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීමටත්, කෘෂි අපනයන සිදු කරන ව්‍යවසායකයන් දියුණු කිරීම හා නව ව්‍යවසායකයන් ඇති කිරීම වෙනුවෙන් මෙම සංයුක්ත සැලැස්ම නිර්මාණය වනු ඇත.

මෙම සාකච්ඡාවේදී.

  1. මෙම සංයුක්ත සැලැස්ම නිර්මාණය කිරීමට අවශ්ය පහත සඳහන් දත්ත දින හතළිස් පහක් ඇතුළත රැස් කිරීමටත්. ▪️රට තුළ සිදුවෙන සමස්ත කෘෂි නිෂ්පාදනය.
    ▪️ රට තුල නිෂ්පාදනය වන කෘෂි නිෂ්පාදනවලින් සමස්ත පාරිභෝජන ප්‍රතිශතය.
    ▪️දැනට දේශීය සහ විදේශීය වෙළඳපොළට නිකුත් වන කෘෂි නිෂ්පාදන ප්‍රමාණය.
    ▪️දැනට පවතින කෘෂි නිෂ්පාදනවලින් අප අපනයනය කළ හැකි ප්‍රමාණය. 2.මෙම සැලැස්ම නිර්මාණය කිරීමට අමාත්‍යංශ ත්‍රිත්ව නියෝජනය වන පරිදි කමිටුවක් නම් කිරීමටත් තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කෘෂිකර්ම අමාඅමාත්‍යංශ ලේකම්.ඩී. ජේ. වික්‍රමසිංහ මහතා, වෙළඳ අමාත්‍යංශ ලේකම් විමලෙන්තිරරාජා මහතා, අමාත්‍යංශ නිලධාරීන් සහ අමාත්‍යංශ අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...