රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW :

අද (22) දින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ රට පුරා ශාඛා සමිතිවල හදිසි රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. ඒ, ලබන සඳුදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව ගත් තීරණය සමාලෝචනය කර ඉදිරි පියවර ගැනීම සඳහා බව වාර්තා වේ.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ද ලබන සඳුදා කොළඹදී රැස්වීමට නියමිතයි.

ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු ඇතුලු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

පවතින තත්ත්වය හමුවේ මෙරට රෝහල් 134ක් වැසීයාමේ අවදානමක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය පල කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...