බ්‍රිතාන්‍යයේ උත්තර නැති ප්‍රශ්න

Date:

එක්සත් රාජධානියෙහි උද්ධමනය මේ වන විට 10%කින් ඉහළගොස් ඇති අතර සෞඛ්‍ය සේවාව පසුගිය දා මානුෂික අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි. එමෙන්ම මේ වන විට රට ඉතිහාසයේ දරුණුතම නියඟයෙන් පීඩාවට පත්ව දුක්ඛිත ගිම්හානයක් දරා ගනිමින් සිටියි. මහජනයා චෝදනා කරන්නේ මෙම කිසිදු තැනක මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම දක්නට නොමැති බවයි.

බොරිස් ජොන්සන්ගෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟ කරන ලිස් ටස් හා රිශී සුනක් සැප්තැම්බර් 5 දක්වා ක්‍රියාත්මක නොවනු ඇත. කෙසේ නමුත් ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ පීඩාවට පත් වූවන් සඳහා මූල්‍ය ආධාර සැපයීමට පියවර ගැනීම මීළඟ අගමැතිවරා සතු කරුණකි. තත්වයේ බරපතලකම නිසා පක්ෂය ඉක්මනින් තරඟය අවසන් කර නව අගමැති පත්කිරීම හෝ ජොන්සන්ට ක්‍රියාමාර්ග ගැනීමට බලය දිය යුතුය යනුවෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතියි. මීළඟ අගමැතිවරයා තෝරාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය මහජනතාව විසින් නොව, මිලියන 67 ක් පමණ වන ජාතියක 200,000 කට අඩු ජනතාවකින් සමන්විත යැයි සැලකෙන පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින් විසිනි.

විපක්ෂයේ කම්කරු පක්ෂය මේ සතියේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා ඇත අතර බලශක්ති බිල්පත් කැටි කිරීමට නීති සම්පාදකයින්ට ඉක්මන් පියවර ගැනීම එමඟින් අපේක්ෂා කෙරේ.

මේ සතිය මුලදී උද්ධමනය 10% ඉක්මවා ගිය අතර, දැනටමත් එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට අරගල කරන කුටුම්භ මත විශාල පීඩනයක් ඇති කර ඇත. වසර අවසානයේ සහ ඉන් ඔබ්බට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව හැකිලෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් පුරෝකතනය කර තිබේ.

ජාතික සෞඛ්‍ය සේවා සම්මේලනයේ ප්‍රධාන විධායක මැතිව් ටේලර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බොහෝ දෙනෙකුට සිය ආහාර වේල් ලබා ගැනීමට නොහැකිව ඉතා දුක්ඛිත තත්වයකට මුහුණ දී ඇති බවයි.
මේ වන විට කාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේද කටයුතු අඩාලව ඇති අතර කාර්මිකයන් හා පෞද්ගික නීතීඥවරුන්ද සිය වෘත්තීන්ගෙන් බැහැරව විරෝධතා ව්‍යාපාරයක නිරතව ඇති බව ද අනාවරණය වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...