ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි! (VIDEO)

Date:

පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.

විමර්ශන සඳහා ඔවුන්ව පොලීසියෙන් පිටතට රැගෙන ගොස් තිබෙන බවට පොලීසිය විසින් පවසා ඇති නමුත් රැගෙන ගිය ස්ථානයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද සිදු නොවුණු බව ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත කියා සිටියා.

මෙම ශිෂ්‍යයන් සම්බන්ධ උද්ඝෝෂණ, විරෝධතා නීති විරෝධී ඒවා නොවන අතර ඒවා ප්‍රජාතන්ත්‍රවාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

රට වෙනුවෙන් පෙනී සිටි සිසුන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම ඉතා අසාධාරණ වන බවත් මානව හිමිකම් අගයන රටක මෙවැනි දේ සිදු නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...