*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ගවනර් ගෝඨාභයට අඳී. සන්ඩේ ටයිම්ස් කර්තෘට සහ විජය පුවත්පත් සභාපතිට තර්ජනාත්මක ඇමතුම් !

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවී තිබුණු පුවතක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම පුවත්පතේ කර්තෘවරයාට සහ විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වේ.

“New revelations over SL foreign debt default” මැයෙන් යුතුව පුවතක් ඊයේ (21) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ව්‍යාපාරික පුවත් කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල සිරිමාන්න මහතා විසින් රචනා කර පළ කර තිබුණු අතර එහි දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින බව නිවේදනය කර ඇත්තේ මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම උදෙසා ඇමරිකානු ඩොලර් බිලියන 10.7ක මුදලක් ණය සහ ව්‍යාපෘති ඔස්සේ ලබාගැනීමට රජය අපේක්ෂා කරමින් සිටියදී බවයි. ඉන්දියාව, චීනය, කටාර් රාජ්‍යය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් මෙම මුදල සපයා ගැනීමට අපේක්ෂිතව පැවති අතර එය සාර්ථක වී නම් 2022 වසරේ ණය ගෙවීම් පැහැර නොහැර කටයුතු කිරීමට ඉඩ තිබුණු බවත් එහි සඳහන්.

කෙසේවෙතත් එම පුවත දුටු සැණින් කෝපයට පත්වූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කර්තෘ සිංහ රත්නතුංග මහතාටත් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතාටත් දුරකථනයෙන් අමතා තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත්තේ එම පුවත අසත්‍යයක් බවයි.

“මේවා මේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ප්ලාන්ට් කරන නිව්ස්. ඔයගොල්ලොත් එයාලාගෙ බොරුවලට රැවටෙන්න එපා. මම මේ කරන දේ තමයි හරියටම හරි. අනික ඔය බන්දුල සිරිමාන්න කියන්නේ රනිල්ගේ මිනිහෙක්. එයා කොහොමත් මට විරුද්ධයි. ඒ නිසා ආයෙ මෙහෙම බොරු දාන්න ඉඩතියන්න එපා” යනාදී වශයෙන් මහබැංකු අධිපතිවරයා ඔවුන් දෙදෙනාට පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් කර්තෘවරයා සහ පුවත්පත් සමාගමේ සභාපතිවරයා කළ විමසීමකදී බන්දුල සිරිමාන්න මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ලියූ පුවත සත්‍යයක් බවත් තමන් ලියන ලිපි සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවත් ය.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල සිරිමාන්න මහතා සඳහන් කළේ තමන් කිසිවිටෙකත් අසත්‍යය පුවතක් පළ නොකළ බවත් තමන් පළ කළ පුවත් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ය. එසේම මීට පෙර ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන් වශයෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්‍රාල්, අර්ජුන් මහේන්ද්‍රන්, ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි යන මහත්වරුන් මාධ්‍ය සමග ඉතාම සුහදව කටයුතු කළ බවත්, යම් කරුණක් සම්බන්ධයෙන් විමසූ විට ඊමේල් පණිවිඩ ඔස්සේ පවා අදාළ තොරතුරු ලබාදුන් බවත් සිහිපත් කළ ඒ මහතා එසේවෙතත් මෙම පුවතට අදාළ කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නමුත් ඒ මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් පැවසීය. තමන් දේශපාලනිකව කිසිවෙකුටත් පක්ෂපාතීව මාධ්‍යකරණයේ නියැළෙන්නේ නැති බව පැවසූ ඒ මහතා තමන් කරන්නේ තම රාජකාරිය බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව, අපට කියන්නට ඇත්තේ පුවත්පත් කලාවේදීන්ට මාධ්‍යකරණය ඉගැන්වීමට යනවාට වඩා නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති වශයෙන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරගෙන සිටිනවා නම් වඩාත් හොඳ බවයි. මෙය අනතුරු හැඟවීමක් වශයෙන් භාරගත්ත ද කම් නැත …

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan