කොල්ලො රංචුව එක්ක ඉන්න එකම කෙල්ලගෙ වැඩ හෙට බලාගන්න

Date:

නදීශා දිල්හානි ලේකම්ගේ මෙවර හංගේරියාවේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම කාන්තා චරිතයයි.ගයන්තිකා අබේරත්න ඊට සුදුසුකම් ලබා තිබුණත් ආසියානු තරගාවලිය ඉලක්කයේ තබාගෙන ඇය සහභාගි නොවුණත්,නදීශා සහභාගිවන්නේම ආසියානු තරගාවලය ඉලක්ක කරගෙනයි.ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තු හැටියට හඳුන්වන්න පුළුවන්.

නදීශාට ආසියානු තරගාවලියේ මුණගැසිය හැකි ප්‍රධාන අභියෝග අතර ඉන්න චීන සහ ජපාන ක්‍රිඩිකාවන් ද මේ තරගාවලියේදි හමුවීම නිසා මෙම තරගාවලියේ අත්දැකීම් ද කුසලතා තරමටම වැදගත්.බොහෝ දේ දරාගෙන බොහෝ දුර පැමිණි නදීශාගේ ජයග්‍රහණ පිටුපස තියෙන්නෙ සෙමින් එහෙත් හරියට නැගිටීමක්.කාලය වයසට අරගෙන ගියාට නදීශාව අරගෙන යන්නෙ වයසටම විතරක් නෙමෙයි කෙල්ලන්ටවත් ස්පර්ශ කරන්න බැරි ජයග්‍රහණ වෙතයි.

ඇය අසීරු ජයග්‍රහණ ලැබුවට,නිහතමානීව ජයෙන් උදම් ඇනීමෙන් නොනැවතී හැමෝටම මිත්‍රශීලීව නැමී හිනාවෙන අහිංසක චරිතයක්.පල බර වුණාම අතු නැමෙන ගහක්.ඒ නිසාම කෙනෙක්ට ආශිර්වාද,ඇගයීම් සහිත වචන ජයග්‍රහණවලට ශක්තියක් එකතු කරනවනම්,නදීශා මලල ක්‍රීඩාව හා සබැඳි මිනිසුන් අතර නිතර කතාවෙන වචනවලින් කියැවෙන විදිහට හොඳ කෙල්ලක්.

පරකඩුව ඇරෑපොල මහින්ද විද්‍යාලය ලෝකෙට අරං ගිය ක්‍රිඩිකාව තමයි නදීශා.ඇයට පාසලේ ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා කියන්න බැහැ.ඇයගේ පාසල් ජීවිතය පරකඩුව කණිෂ්ඨය,නාරද ය හරහා ඇරෑපොල දක්වා පැමිණීම,අවුරුදු 15 න් පහළ තරම් වයසකදි අරුණ ශාන්තනම් ක්‍රීඩා ගුරුවරයා සමඟ තමන්ගේ ඉසව්ව හෙල්ල වීසිකිරීම දක්වා වෙනස් කිරීම වැනි කරුණු නදීශාගේ ජීවිතෙ ජයග්‍රාහී දිශාව තෝරා ගැනීම් හැටියට දකින්න පුළුවන්.

ඉන් අනතුරුව ඇයගේ ජීවිතයට එකතුවන පුහුණුකරුවන් අතරින් ඇයව පළමුවරට ආසියානු මට්ටමට ඔසවා තබන්නට කටයුතු කළ ඒ.ජේ.රොද්‍රිගෝ කියන නිහඬව මහා හඬ නඟන ජයග්‍රහණ නිර්මාණය කරපු පුහුණුකරුවා මෙන්ම වර්ථමානයේ ජාතික වාර්තාව සමඟන් නදීශාව ආසියානු මට්ටමේ තබා තිබෙන ප්‍රදීප් නිශාන්තත් විශේෂයි.හැබැයි ඇයගේ ජීවිතයේ මුල සිට අද දක්වා ඇයව පුහුණු කරමින් ගුරුහරුකම් දුන්න සියලු පුහුණුකරුවන් ඇයව මේ තැනට ගේන්න දශමෙන් දශමෙ හරි තල්ලු කරලා තියෙන්නෙ ඉස්සරහට කියන කාරණයත් ඇය වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කළ යුතුමයි.

හෙට පැවත්වෙන තරගය හරි අවිශ්වාසජනකයි.ලෝකයේ දැවන්තම චරිත අස්සෙ නදීශා පසු බහින්නෙ නැති ක්‍රීඩිකාවක්.ඒ වගෙම මේ මොහොතෙ ආසියානු මට්ටමෙන් කාන්තා හෙල්ල වීසි කිරීම දිහා බලන කොට ඒක ලෝකය තරමටම විශාලයි.ඒ නිසා අගෝස්තු 23 වන දා කියන්නෙ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට වැදගත් දිනයක් කරන්න නදීශාට හැකියාව තියෙන දවසක්.

මේ වසරේ හොඳම දක්ෂතාවය දක්වා තිබෙන ජපානයේ හරුකා කිටගුචි මෙන්ම හොඳම දක්ෂතා අතර ඉන්න ආසියාවේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මේ තරගයේදී නදීශා එක්ක තරග වඳින නිසා හෙට තරගය ලෝක මලල ක්‍රීඩා තරගාවලිය වගේම ආසියානු ක්‍රීඩා උළෙලේ ස්වභාවයෙන් ද දකින්න පුළුවන්.ඒ නිසා හයිය නදීශා හෙට හයියට අල්ලගෙන හිටියොත් මීටර් 2 ක පරතරයක් කියන්නෙ සුළු දුරක් නොවුණට,නදීශාගේ හිත ඊට වඩා දුර යන්න පුළුවන් විශ්වාසයක් එක්ක තරග කළොත් ගොඩක් දුර හෙල්ල වගේම නදීශාත් ජයග්‍රහණ මාවතේ ඇවිද යනු සැක නැහැ.

මේ වසරේ නදීශා ගෙවුණු ජූලි 12 වන දා ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියෙ ලෝකඩ පදක්කම දිනා ගනිමින් වාර්තා කරපු දුර ශ්‍රී ලංකා වාර්තාව බවට පත් වී තිබෙන මීටර් 60.93 ක්.ලෝකයේ මේ වසරේ වාර්තා වී හොඳම දුර වන හරුකා වාර්තා කර තිබෙන්නෙ මීටර් 67.04 ක්.ඒක විශාල පරතරයක් වුණාට තරගයක ස්වභාවය එක්ක බොහෝ දේ වෙනස් වෙන්න පුළුවන්.ඒ නිසා මේ වසරේ දක්ෂතාවල 28 ට ඉන්න නදීශාට වඩා ඉදිරියෙන් පේන,නදීශා කෙනෙක් ගැන අපට හිතන්න ඉඩ හදලා තියෙන්නෙ නදීශාගේම ස්වභාවයයි.පරදින්න අකමැති ජයග්‍රහණය ගැන විශාල කැපවීමකින්,උවමනාවකින් වෙහෙසෙන නදීශා සිය ජීවිතයේ පෙරවදනක් බවට පත් කරගෙන තියෙන වචන කිහිපයක් අපි නිතර දකිනවා.
“මම දිනනවා. ඉක්මණින්ම නෙමෙයි, නමුත් අනිවාර්යෙන්ම”
බොහෝ විට හෙට නදීශාගේ ඒ අනිවාර්ය දවස විය හැකියි.අපි බලාපොරොත්තුවෙන් සිටිමු.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...

ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...