ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 200,000 බැඳුම්කරයක් නියම වේ

Date:

ජෝර්ජියා ප්‍රාන්තයේ 2020 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට මුහුණ දී සිටින හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහා ජෝර්ජියා ප්‍රාන්තයේ Fulton County ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Scott McAfee විසින් ඩොලර් 200,000 ක බැඳුම්කරයක් නියම කර ඇතිබව වාර්තා වේ.

ට්‍රම්ප් මෙම නඩුව තුළ සාපරාධී චෝදනා 13කට මුහුණ දී ඇති අතර, නඩුව ජෝර්ජියාවේ ජාවාරම්කාර බලපෑම් සහ දූෂිත සංවිධානය (RICO) පනත භාවිතා කරමින් විලිස් ට්‍රම්ප් සහ තවත් 18 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. RICO පනත බොහෝ විට සංවිධානාත්මක අපරාධ මැඩලීමට භාවිතා කෙරේ.

බැඳුම්කර ගිවිසුම නඩු විභාගයට පෙර ට්‍රම්ප්ගේ හැසිරීම සඳහා දැඩි නීති සම්පාදනය කළ අතර එහිදී, නඩුවට සම්බන්ධ අයට එරෙහිව සෘජු හෝ වක්‍ර තර්ජන කිරීමට ඔහුට තහනම්ය. එමෙනම් ට්‍රම්ප්ට ඔහුගේ නීති උපදේශකයෙකු හරහා නඩුවේ කරුණු පිළිබඳව කිසිදු සාක්ෂිකරුවෙකු හෝ විත්තිකරුවෙකු සමඟ සන්නිවේදනය කිරීම තහනම් වන අතර ට්‍රම්ප් ඔහු මුහුණ දෙන බොහෝ නඩුවලට සම්බන්ධ විනිසුරුවන්, නඩු පවරන්නන් සහ සාක්ෂිකරුවන් විවේචනය කිරීම සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කිරීම ජනප්‍රිය හෙයින් මේ සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීමද තහනම් කර ඇත.

ට්‍රම්ප් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති අතර මේවා සියල්ල තමාට එරෙහි මැතිවරණ ඇගිලිගැසීම් ලෙස සදහන් කර ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...