*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් IMF මීටරය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසන ආකාරයට , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට, අයි.එම්.එෆ් මීටරයට ප්‍රමාණවත් දත්ත නොමැති වීම හේතුවෙන් එම කැපවීම් “නොදනී” කාණ්ඩයට ඇතුළත් කිරීමට සිදු වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් IMF මීටරයට අනුව, 2023 ජූලි මාසය වන විට එම වැඩසටහනේ ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100කින්, 35%ක් ඉටු කර අවසන්ව ඇත. 15%ක කැපවීම්වල ප්‍රගතිය “නොදනී” ලෙස වර්ග කර ඇති බව සඳහන් වේ.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම්වල ප්‍රතිශතය 2023 මාර්තු මාසයේ සිට ජූලි මාසය දක්වා ගෙවී ඇති කාලය ඇතුළත 9%ක සිට 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙණ බව, වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් පවසන අතර “නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් එසේ වර්ග කර ඇත්තේ ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිඳු දත්තයක් නොමැති පසුබිමක ය. එම කැපවීම් ඉටුකිරීමට එකඟ වූ කාල සීමාව පසුකර තිබිය දී, පවා එම දත්ත සොයාගැනීමට තිබී නැති බැවින් මෙම තත්ත්වය වැඩසටහනේ ප්‍රගතිය අරබයා ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යන විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුකරන්නක් බව ද, වෙරිටේ රිසර්ච් කියයි.

මෙහිදී IMF  මීටරය විසින් , IMF වැඩසටහනේ ඇති කැපවීම්වල ප්‍රගතිය වර්ග කරන්නේ “ඉටුකළ”, “ඉටු නොකළ” සහ “නොදනී” ලෙස ය.

“නොදනී” ලෙස වර්ග කර ඇති කැපවීම් සංඛ්‍යාව ඉහළ යාම කරුණු දෙකක් මත පදනම් විය හැකි බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි.

පළමුවැන්න, ආණ්ඩුව මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබීම නිසා තමන්ගේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම ය.

ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශවකරුවන් ලෙස නොසළකන නිසා ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබාදීමට ආණ්ඩුව උනන්දුවක් නොදැක්වීම දෙවැන්න ය.

ජුලි මාසය අවසන් වන විට IMF වැඩසටහනට අදාළව ඉටු කළ යුතුව තිබූ කැපවීම් 57න් 35ක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති අතර, එය ජූනි මාසයේදී ඉටුකළ කැපවීම් 33ට වඩා වර්ධනයක් බව වෙරිටේ රිසර්ච් පවසයි.

ජූලි මාසයේ දී, පාර්ලිමේන්තුව වැදගත් පනත් දෙකකට අනුමැතිය ලබා දුන් අතර ඒ ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ දූෂණ විරෝධී පනත යි.

මෙම පණත් අනුමත කිරීමට නියමිතව තිබුණේ පිළිවෙළින් 2023 අප්‍රේල් සහ ජුනි මාසවලදී ය. ශ්‍රී ලංකාව ඉදිරියට යමින් සිටින්නේ කලින් එකඟවූ කාලසීමාවන් අනුව නොව සැළකිය යුතු ප්‍රමාදයක් සහිතව බව මෙයින් පෙනී යන බව ඔවුන් පවසයි.

මාර්තු මාසයේදී, ඒ වන විටත් ඉටු කර තිබූ කැපවීම් 25ක් සමඟින්, ශ්‍රී ලංකාව විසින් IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා හොඳ ආරම්භයක් සනිටුහන් කළ අතර, පසුව කැපවීම් ඉටු කිරීමේ සාමාන්‍ය අනුපාතය මසකට කැපවීම් 03කට වඩා අඩු විය.

සැප්තැම්බර් අග වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සිදුකර අරමුදල්වල දෙවන වාරිකය ලබා දීමට නියමිත කාලයේ, ශ්‍රී ලංකාව කැපවීම් 71 ක් ඉටු කර තිබිය යුතුය. මෙම ඉලක්කය කරා ළඟා වීමට නම්, ශ්‍රී ලංකාව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී, මසකට කැපවීම් 18ක් බැගින් ඉටු කළ යුතුව ඇති බව වෙරිටේ රිසර්ච් පවසයි.

ප්‍රතිපත්ති හා බැදුණු ඕනෑම ක්‍රියාකාරකමකට අදාළව, එම ක්‍රියාකාරකමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියමිත දිනයට මාස 2කට පසු වුවත් කිසිඳු තොරතුරක් ප්‍රසිද්ධ කර නොමැති නම් ඒවා “ඉටු නොකළ” කැපවීම් ලෙස වර්ග කර තිබේ.

මෙම තොරතුරු වාර්තා පහත සඳහන් ලින්ක් එක හරහා ද ලබාගැනීමට හැක.

https://manthri.lk/en/imf_tracker

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan