*
Friday, October 4, 2024
spot_img

Latest Posts

පැනමාවට පැනීමේ පිම්ම සාර්ථක වීමෙන් ඉනික්බිති…..

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 23, (LNW) කොළඹ :

අගෝස්තු 27 වන දා පැනමාවේ ලීමා හී දී ඇරඹෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ප්‍රතිපාදන නැතැයි ඉතා සැහැල්ලුවෙන් අනාගතයට වටිනා ඓතිහාසික අවස්ථාවක් කිසිඳු මැදිහත්වීමකින් තොරව ප්‍රතික්ෂේප කළත්,දේශපාලන නායකත්වයේ මැදිහත්වීම මත දැන් එම සංචාරයට සහභාගී වීමේ තරුණ සිහින මල්පල දරා ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පිරිසක් සුදුසුකම් ලබා සහභාගි වන මේ තරගාවලීයේ දී ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම හයවන තැන පසුවන අතර එම කණ්ඩායම අතර හොඳ යෂ්ඨි හුවමාරුවක් සිඳු වුවහොත් ශ්‍රී ලංකාවට ඓතිහාසික පදක්කමකට පිවිසීමට අවස්ථාව ඇත.


ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව තරග පිටියට පිවිසෙන්නී මධුශානි හේරත් ය.ඇය කාන්තා දුර පැනීමේ සුදුසුකම් ලැබීමේ වටයට අගෝස්තු 27 වන දා සහභාගි වීමට නියමිතය.එදිනම මීටර් 100 පිරිමි මූලික තරග සහ අවසන් පූර්ව තරග ද පැවත්වෙන අතර එම තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙරෝන් විජේසිංහ සහ දිනෙත් වීරරත්න සහභාගි වීමට නියමිතය.


අගෝස්තු 28 වන දා පිරිමි උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන තරුෂ මෙණ්ඩිස් සහ ලෙසඳු අර්ථවිඳු උස පැනීමේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.පිරිමි මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කරමින් අයෝමාල් අකලංක එදින සිය ඉසව්වේ මූලික තරගවලට එක්වීමට සූදානමින් සිටින්නේය.කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කරන ජිත්මා විජේතුංග ද එම ඉසව්වේ මූලික තරගවලට සහභාගි වේ.පිරිමි මීටර් 400 මූලික තරගද එදිනම පැවත්වෙන අතර එම තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍ය කිරුළු සහභාගි වීමට නියමිතය.


මධුශානි හේරත් තමන් සහභාගි වන දෙවන ඉසව්ව වන තුන් පිම්ම තරගයේ ද සුදුසුකම් ලැබිමේ වටයට මුහුණ දෙන්නේ 28 වන දා ම බැවින් එදින ශ්‍රී ලංකා කණ්ඩායමට කාර්ය බහුල දවසක්ය. කාන්තා දුර පැනීම අවසාන තරගය ද එදිනට යෙද ඇති නිසා මධුශානි ට ත් 28 වන දා පහසු දවසක් නොවන්නේය.කාන්තා සහ පිරිමි මීටර් 400 ඉසව් දෙකේම අවසාන පූර්ව තරග පැවත්වෙන්නේ ද එදිනම වන අතර පිරිමි මීටර් 100 අවසාන තරගය ද 28 දා නිමා වනු ඇත.
සඳුන් කෝසල මීටර් 110 කඩුලු ඉසව්වෙන් 29 වන දා තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නේය.එදිනම එම තරග ඉසව්වේ අවසාන පූර්ව තරගයට ද සැළසුම් සකස් කර තිබේ.මීටර් 200 පිරිමි ඉසව්ව නියෝජනය කරන ඉඳුසර විදූෂන් සහ කෞශාල් තමෙල් ද සිය මූලික තරග සඳහා ඉදිරිපත් වන්නේ 29 වන දා ය.එදිනම එම තරග ඉසව්වල අවසාන පූර්ව තරග ද පැවත්වෙනු ඇත.පිරිමි සහ කාන්තා මීටර් 400 ඉසව්වල අවසාන තරග පැවත්වෙන්නේ ද එදිනම ය.


ශ්‍රී ලංකාව වැඩිම බලාපොරොත්තු තබා තිබෙන මීටර් 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායම සිය මූලික තරග සඳහා තරග කරන්නේ අගෝස්තු 30 වන දා ය.මීටර් 400 කඩුලු අවසාන පූර්ව තරග ද,පිරිමි මීටර් 200 අවසාන තරගද යෙදී ඇත්තේ එදිනටය.පිරිමි උස පැනීමේ අවසාන තරගය ද යෙදී ඇත්තේ එදිනමය.මීටර් 110 කඩුලු ඉසව්වේ අවසාන තරගයද 30 දා යෙදී ඇත.


තරගාවලියේ අවසාන දිනය වන 31 වන දා කාන්තා තුන් පිම්ම ඉසව්වේ අවසාන තරගය ද,මීටර් 400 කඩුලු පිරිමි ඉසව්වේ අවසාන තරගය ද මීටර් 100 සහය දිවීමේ තරගයේ අවසාන තරග ද යෙදී ඇත.
ඉදිරි පෙළ
මෙරෝන් විජේසිංහ (කණ්ඩායම් නායක – 100m & 4x100m), භද්‍රා ගුණවර්ධන (පුහුණුකරු), චනදන ඒකනායක (කණ්ඩායම් කළමණාකරු), මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු (සභාපති – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය), සමන් කුමාර ගුණවර්ධන (ලේකම් – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය), ක්‍රිශාන්ත කුමාර (පුහුණුකරු), ධම්මිකා කුලතංගු (ක්‍රිඩීකාවන් භාර නිලධාරිණිය) and මධුශානි හේරත් (දුර පැනීම සහ තුන් පිම්ම)
පසු පෙළ
ජිත්මා විජේතුංග (400m), ලෙසඳු අර්ථවිදු (High Jump), ජාත්‍ය කිරුළු (400m), සඳුන් කෝසල (110m Hurdles), තරුෂ මෙණ්ඩිස් (High Jump), අයෝමාල් අකලංක (400m Hurdles), විඳුසර ඉඳුෂාන් (200m & 4X100m) කෞශාල් තමෙල් (200m & 4X100m), දිනෙත් වීරරත්න (100m & 4X100m) සහ අයේෂ් මිහිරංග (4X100m)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan