*
Friday, October 4, 2024
spot_img

Latest Posts

උනුන් ඇන කොටා ගන්නා හැටි බලන් සකී!

කොළඹ LNW:2024 සුවිශේෂී ජනාධිපතිවරණ ජන්ද විමසීම හමුවේ දේශපාලන පිටියද සුවිශේෂී සලකුණු සනිටුහන් කරමින් පවතිනවා. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ ප්‍රචාරණය විසින් ජනතාව නොසිතූ ආකාරයේ හෙළිදරව් වීමද සිදුවෙමින් තිබෙනවා. පක්ෂ කැඩෙමින්, සන්ධාන හැදෙමින්,එකිනෙකාට චෝදනා කරමින්,අවලාද නගමින්,මඩ ගසමින් ඉදිරියට ඇදෙමින් තිබෙන ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අපට කියවා ගැනීමට ඇති තැන් බොහෝයි.

එවැනි තැනක් පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේදී පැවති මංගල ජනාධිපතිවරණ රැළියේදී කන වැකුණා. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වී තිබෙන්නේ. පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් සිටින අතර සෙසු කණ්ඩායම තවදුරටත් රාජපක්ෂවරු සමඟ රැඳී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කාටද යන තීන්දුවත් සමඟ පොහොට්ටු දීගය ඉරිතලා ගිය අතර දැන් ඔවුනොවුන් කෙළ ගන්නා තැනට පත්ව සිටිනවා. ඒ තුළ පසුගිය ගෝල්ෆේස් මහජන අරගලයට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කළ කී දෑ ගැන යටි පෙළ අනාවරණය වෙමින් තිබීම සුවිශේෂී දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කරන්නක් ලෙස ද දක්වන්න පුළුවන්.

විශේෂයෙන් රටේ ගොවි පරපුර මුහුණ දුන් පොහොර ප්‍රශ්නය කියන්නේ දේශපාලන ගොන්කම්,හතරබීරි වැඩ ගැන මිනිස්සුන්ගෙත් බොක්කටම වැදුණ තැනක්. අන්තිමට පොහොර ඉල්ලා ගොවියන්ට පාරට බහින්න සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රසායනික පොහොර තහනම නිසා ඇද වැටුණු කෘෂිකර්මාන්තයත් ජීවිතත් රැකගැනීම වෙනුවෙන්. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අදේශපාලනික තීන්දු වෙනස් නොවුණු අතර ජනතාව අරගලයක් දක්වාම ඔහු විසින් රැගෙන ආවා. ඒ විදිහට 2019 ජනාධිපතිවරණයෙන් පසු රටේ දේශපාලන හැසිරීම් විශාල ලෙස වෙනස් වන්නට වූ අතර ඒවායින් කඳ හරහටම වැදුණේ සාමාන්‍ය ජනතාවට. එවැනි දේශපාලන පරිසරයක් පසුකරගෙන වර්තමානය දක්වා පැමිණ සිටින නමුත් එළඹෙන සැප්තැම්බර් 21 ජනතාවගෙන් බහුතරය විසින් ගනු ලබන තීන්දුව විසින් රටේ අනාගතය තීරණය වෙනු ඇති.

ඒ දක්වා යන ගමන් මඟ තුළ මෙදා (21) අනුරාධපුර පොහොට්ටු රැළියේදී ඩී.වීරසිංහ සහ තිස්ස කුටිආරච්චි යන මන්ත්‍රීවරු දෙදෙනා කලක් මිතුරන් ලෙස සිටි සහෝදර හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුගේම රෙදි ගලවා දැමීමට උත්සහයක නිරත වුණා. ඒ කතා හමුවේ රැළියට පැමිණ සිටි ජනතාවද හුරේ දාන ආකාරයත් පේන්න තිබුණා. විශේෂයෙන් එහිදී මතු වුණ කාරණයක් තමයි රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතයට ගත් දේශපාලන තීන්දුව ගැන වූ යටි පෙළ අනාවරණය වීම.

ඉහතින් සඳහන් කරපු පොහොට්ටු මන්ත්‍රීවරු දෙන්නා සහ ඊට ප්‍රතිචාර දක්වා සිටි හිටපු ඇමතිවරුන් දෙදෙනා කිව්ව කතා මෙන්න මෙහෙමයි. මෙහි සඳහන් වෙන්නේ කෙටි උපුටා ගැනීමක් පමණයි.

”මම අහන්න කැමති එස්.එම්.මහත්තයෝ වැව් වල තියෙන රොන්මඩ ටික ගොඩදාලා ටයර් පුච්චලා අළු කලවම් කරලා කාබනික පොහොර කියන අටමගුල හදන්න කෝටි ගාණක් සල්ලි හොරකම් කරලා එදා ගොවියා වෙනුවෙන් පෙනී හිටපු නැති එස්.එම්.ට අද කොහොමද ගොවියා ගැන අනුකම්පාවක් ආවේ.” – ඩී.වීරසිංහ

”අම්පාර දිහා නරියෙකුයි,බදුල්ලේ නරියෙකුයි ගෙනල්ල හූ කිව්වා. කාබනික පොහොර ගැන අපි නෙවෙයි පටන් ගත්තේ නාමල් රාජපක්ෂ අපේ ජනාධිපති අපේක්ෂකතුමාගේ බාප්පා. ඒකෙන් තමයි අපිට එතනින් ඉවත් වෙන්නත් සිද්ධ වුනේ. පුළුවන් තරම් කිව්වා මේ වැරදි වැඩේ කරන්න එපා කියල. කන්න තුනක් රජරට ජනතාව සහ රටේම ගොවි ජනතාව ඉතාම අභාග්‍ය තත්ත්වයකට පත්වුණා. ඉතාම පීඩාවකට පත්වුණා. මේ මැතිවරණය එනකොටත් අපි ජනතාවගෙන් ඇහුවා අපි මොකක්ද කරන්නේ කියල. ජනතාව තමයි කිව්වේ පොහොර ටික දෙන්න බැරි වෙච්චි පක්ෂයකට අපි ආයේ ජන්දය දෙන්නේ නැහැ ඔබතුමන්ලා ගන්න තීන්දුවක් ගන්න කියල. ජනතාවගේ විශාල බලපෑම මත තමයි මම සහ අපේ පිරිස ඒ අවශ්‍ය තීන්දු ටික ගත්තේ. අපිට හැමදාම සිග්නල් කණු වෙන්නත් බැහැ.” – එස්.එම්.චන්ද්‍රසේන

”දැන් රනිල් මහත්තයා ළඟ තමයි ඉන්නේ හොඳම බඩු ටික.කාබනික පොහොර ගේනකොට කෘෂිකර්ම ඇමති කවුද? මහින්දානන්ද අළුත්ගමගේ කෘෂිකර්ම ඇමති. පඹයෝ පිච්චුවේ කාගේද?මහින්දානන්ද අළුත්ගමගේ ගේ තමයි පඹයෝ පිච්චුවේ. මහින්දානන්දත් අද රනිල්ගේ ඔඩොක්කුවේ. කොරෝනා වෙලාවේ මුට්ටි දාපු ඇමති කවුද? පවිත්‍රා දේවි වන්නිආරච්චි. මුට්ටියත් දැන් රනිල් ළඟ. හොරු කිව්වා. මාල කඩපු එකා කිව්වා. කප්පම් කාපු එකා කිව්වා.දැන් කොමඩ් එක ප්‍රෂ් කළා සේ සමානයි. දැන් බඩ සුද්දයි.” – තිස්ස කුට්ටිආරච්චි

”පොහොර අර්බුදය මගේ ව්‍යාපෘතියක් නෙවෙයි. පොහොර අර්බුදය පිටිපස්සේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මම එදා කැබිනට් පේපර් එක දැම්මේ පොහොර ගේන්න. මගේ කැබිනට් පේපර් එක රිජෙක්ට් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර ගෙන්න කියල කැබිනට් පේපර් එක දැම්මේ. මම එදා කැබිනට් එකේ විරුද්ධ වුණා. ඒ වෙලාවේ මට එතුමා ඇතුළට අඩගහල කිව්වේ ඔයා මේකට මැදිහත් වෙන්න එපා. ඔයාට මේ විෂය භාර නෑ මේකේ ඉන්නේ ශෂින්ද්‍ර රාජපක්ෂ කාබනික පොහොර තියෙන්නේ එයාට එය තමයි ඒක කරන්නේ. මම ඇමතිවරයා හැටියට ඉදිද්දී ගැසට් එකකින් පොහොර වෙන ඇමතිවරයෙකුට තිබ්බේ. කාබනික පොහොර ගෙනාවේ ශෂින්ද්‍ර රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන්. ඒ සියලු කටයුතු කළේ එතනින්. හැබැයි මම හිරවුණේ. මම නායකයව රකිනවා. ඒ මගේ හැටි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත තීන්දුව වෙනුවෙන් මම රටේ කතා කළා. මට කියන්න තින්නේ තිස්ස කුට්ටිආරච්චි කියන්නේ කවුද?තිස්ස කුට්ටිඅරච්චිට උත්තර දෙන්න එයා මනුස්සයෙක්ද?” – මහින්දානන්ද අළුත්ගමගේ

කලකදී රහලු.කලකදී වහලු. ඔන්න ඔහොම තමයි දැන් මේ දේශපාලන පිටිය අනාවරණය වෙමින් තියෙන්නේ. ජනතාව කරවටක් ගිල්වමින් නායකයින් රැකගැනීමට වෙහෙසී ඇති, තවදුරටත් වෙහෙසෙන දේශපාලනය කොයි විදිහෙන් හරි හෙළිදරව් වෙන්නත් ඕනේ. සොබාදහම විසින්ම ඔවුනොවුන් කෙළගන්නා තැනට පත් කිරීමත් එක අතකින් මේ රටේ දේශපාලනය වටහා ගන්න කර තිබෙන ලොකු උදව්වක්. නැත්නම් ඉතින් විශේෂයෙන් පොහොට්ටුව කියන්නේ කොහොම හිටිය කණ්ඩායමක්ද? මොනවා වුණත් මහින්දානන්ද ඇත්ත කියල තියෙනවා. ජනතාවට මොන හෙන ගෙඩිය පාත් වුණත් ඔවුන් හැමදාම තමන්ගේ නායකයින් ආරක්ෂා කළා. දේශපාලනය කරද්දී එහෙම තමයි. ජනතාවත් දැනගන්න ඕනෙනේ හරිහමන් මිනිස්සු එතනට ගේන්න. ඒ නිසා ඉතිහාසය කියන්නේ එහෙම අහක දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක පැත්තකින් රටක අනාගතයට බලපාන එවැනි ප්‍රතිපත්තිමය තීරණ ගනිද්දී ජනතාව රැකෙන්න ඕනේ කියන එක පැත්තකින් තියල වැඩකරල තියෙන්නේ කියන එක මේ වෙද්දී තිස්ස කුට්ටිආරච්චිල,මහින්දානන්ද අලුත්ගමගේලා විසින් අනාවරණය කර තිබෙනවා. අනිත් පැත්තේ තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවෙන උඩකරනම් බිමකරනම්. කොහොම හරි බලය ගන්න කරන ඔළුගෙඩි එකතු කිරිල්ල. අහෝ ශ්‍රී ලංකා මාතා.

ඉතින් දේශපාලනය,දේශපාලකයෝ කියන්නේ ඔහොම තමයි කියල තවදුරටත් අතපිහදාගෙන සැනසුම් සුසුම් හෙලලා පලක් තියෙනවද? ලෝකය හරි වේගෙන් ඉස්සරහට යද්දී අපි ඒ දිහා බලාගෙන හූල්ලනවා නම් ඒ දේශපාලනයෙන් පලක් තියෙනවද? මිනිස්සුන්ට ජීවිතය විදින්න විදිහක් නැත්නම් ඒ දේශපාලනයෙන් පලක් තියෙනවද? ඒ නිසාම උගත් පාඩම්වලින් එළඹෙන සැප්තැම්බර් 21ආපහු වරදින්නේ නැති වැඩක් ගන්න ඕනේ නැද්ද?

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan