Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:

මේ වන විට මතුව ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් කතාබහ ගැන ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව පවසන්නේ, හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි තීරණාත්මක ඖෂධ, සමාගම් හරහා පමණක් නොව සෘජුවම ඒවා නිෂ්පාදිත රටවල්වලින්ම රජය මැදිහත් වී මිලදී ගැනීමට කටයුතු කර ඇති බවයි.

නමුත් , නිසි ක්‍රමවේදයකින් තොරව මෙම ඖෂධය භාවිත කිරීමට කටයුතු කර ඇති බව, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය .

මෙම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් රෝගීන් මියගොස් නොමැති බවට පරික්ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ මෙම ඖෂධය යළි භාවිතයට අවසර දී ඇත්තේ නිසි පරීක්ෂණයකින් තොරව බවයි.

කෙසේවෙතත් ඖෂධ සම්බන්ධයෙන් වන වංචනික ක්‍රියා මැඩ පැවැත්වීමට ආණ්ඩුව දැන් කටයුතු ආරම්භ කර ඇති බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!