විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින අතර ඔහුගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඇති බව වාර්තා වේ.

තවද, මැගසින් බන්ධනාගාරය වෙත , අද (23) උදෑසන සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව බැලීමට පැමිණ තිබූ බවද සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...