නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW:
මේ සටහන සමාජ මාධ්‍ය හරහා සම්පුර්ණයෙන්ම උපුටා පළ කරන්නට අප තීරණය කළේ වසර ගණනක සිට හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට මෙන්ම වර්ථමානයේ ඉන්න ක්‍රීඩා ඇමතිවරයාත් අමාත්‍යංශය හරහා මෙවැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා සම්බන්ධිකරණය කිරීම සඳහා වෙනම නිලධාරියෙකු පත් කර සොයා බැලිය යුතුය කියන කාරණය පදනම් කරගෙන අප කරුණු ඉදිරිපත් කර ඇති නිසයි.
මෙහිදී අකිල අබේසිංහ කරුණු දක්වා තිබෙන්නේ සිම්බාබ්වේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වන කෙන් හාර්ඩ්න් සමඟ කළ අදහස් හුවමාරුවක් අනුවයි.අප පවසන්නේ මලල ක්‍රීඩාව පමණක් නොව මේ වන විට ඉදිරියෙන් තිබෙන මල්ලව පොර නෙත්මි අහිංසා වගේම බොක්සිං ක්‍රීඩාවේ කැපී පෙණෙන දැනටත් සරසවි සිසුවෙකුව සිටින මිහිරාන් උමයංග ගැනත් මේ කරුණු අදාළ කරගෙන කටයුතු කළ හැකි බවයි.
මේ සමඟ අකිල අබේසිංහ සහ පුහුණුකරු කෙන් සිටින ඡායාරූපය සමඟ එම සටහනට අදාළව පළ කර තිබූ අනෙකුත් ඡායාරූපද පළ කරන අතර මෙතනින් ඉනික්බිතිව ඇත්තේ අකිල අබේසිංහ සිය ෆේස්බුක් පිටුවට එක් කර තිබුණ සම්පූර්ණ සටහනයි.
මේ ඉන්නේ කෝච් කෙන් හාර්න්ඩර්න්, සිම්බාබ්වේ නියෝජනය කරපු ඔලිම්පියන් කෙනෙක් වගේම, මේ වෙද්දි Auburn University එකේ Assistant head coach වගේම Auburn sprints and hurdles ඇත්ලීට්ස්ලාගේ ප්‍රධාන පුහුණුකරුවා.
මේ අවුරුද්දේ NCAA track and field championships එකේදි Auburn university හතර වෙනි ස්ථානයට පත්වෙනවා. මේකට ලොකුම හේතුව තමයි මේ වෙද්දි ඇමරිකාවේ විශ්ව විද්‍යාල වලින් sprint and hurdles වලට හොදම් ටීම් එක ඉන්නේ Auburn වල
1) 100X4 NCAA mens champions (37.97s මේ අවුරුද්දේ මේ ඉසව්වට ලෝකේ වාර්තා වුණ හත්වෙනි හොදම කාලය)
2) Kayinsola Ajai (නයිජීරියා – NCAA 100m හතරවෙනි ස්ථානය, pb – 9.96s)
3) Israel Okon (නයිජීරියා – NCAA 100m හත්වෙනි ස්ථානය, pb – 10.12s)
4) Maka Charamba (සිම්බාබ්වේ – NCAA 200m silver medalist, Olympic Finalist)
5) Ja’Kobe Tharp (ඇමරිකාව – NCAA 110m hurdles champion, 2025 USA outdoor track and field champion)
6) Azeem Fahmi (මැලේසියාව – Asian 100m bronze medalist, pb – 10.09, මේ ළගදි ඉන්දියාවේ තිබුණ චමෝද් යෝධසිංහ silver medal දිනපු රේස් එකේ Gold medal දිනපු කෙනා.
7) Dario Matau (දකුණු අෆ්‍රිකාව, pb -10.12)
මේ මේවෙද්දි ලෝකේ වටෙන්ම ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් කෝච් කෙන් එක්ක පුහුනුවෙනවා වගේම එයාලා මේ අවුරුද්දේ දක්වපු දක්ෂතා නිසා මේ අවුරුද්දේ ඇමරිකාවේ Assistant coach of the year සම්මානේ දිනාගන්නෙත් කෝච් කෙන්.
අද මට අවස්තාවක් හම්බුණා කෝච් කෙන්ව හම්බවෙන්න විශේෂ්‍යෙන්ම ලංකාවේ ඇත්ලටික් ගැන කතාකරන්න. මීට කළින් ඊමේල් හුවමාරු කරගෙන තිබුනට මේක තමයි මට මුලින්ම කෝන් කෙන් එක්ක මුහුණට මුහුණ කතාකරන්න හම්බුන පලවෙනි අවස්තාව.
හම්බුන ගමන්ම මට මුලින්ම කිවේ එයා ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ හොද ෆෑන් කෙනෙක් වගේම 1998 commonwealth games වලදි ලංකාවේ හොද 400m රනර් කෙනෙක් හම්බුනා මතකයි කියලා. 1998 commonwealth 400mX4 සුගත් තිලකරත්න හිටපු ටීම් එක ෆයිනල් එකේ හත්වෙනියා වෙද්දි, කෝච් කෙන් හිටපු සිම්බාබ්වේ ටීම් එක හය වෙනියා වෙනවා. ඒ වගේම 400m hurdles ලෝකඩ පදක්කම දිනනෙත් කෝච් කෙන්.
ඊට පස්සේ අපි ලංකාවේ ඇත්ලටික් ගැනත් කතා කරා. කෝච් කෙන්ට අනුව ලංකාවේ දැනට ඉන්න ජූනියර් ඇත්ලීට්ලා කීප දෙනෙක්ම NCAA Division 1 මට්ටමේ ඉන්නවා. දැන්ම එයාලා ඒ ශිෂ්‍යත්ව වලට apply කරොත් ලබන ජනවාරි වල පටන් ගන්න NCAA season එකේ තරුෂිට අමතරව ලංකාවේ තවත් ක්‍රීඩකයෝ කීපදෙනෙක්ම අපිට බලාගන්න පුලුවන් වෙයි. ඒ වගේම එයාගේ Auburn ටීම් එකටත් ගැළපෙන ක්‍ර්‍රිඩකයෝ කීප දෙනෙක් ලංකාවේ ඉන්නවා පුලුවන් නම් එයාලා සහ එයාලගේ කෝච්ලා සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද කියලත් ඇහුවා.
කෝච් කෙන් කියපු තව විශේෂ් දෙයක් තමයි, මේ NCAA ශිෂ්‍යත්ව කියන දේ හරියට පාවිච්චි කළොත් ලංකාව වගේ රටවල් වෙලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කියන එක. මොකද මේ වෙද්දි කෝච් කෙන් සිම්බාබ්වේ ඉන්න අනිත් කෝචස්ලා හා සිම්බබ්වේ ඇත්ලටික් ෆෙඩරේෂ්න් එකත් එක්ක එකතු වෙලා මේ වෙද්දි ගොඩක් සිම්බාබ්වේ වල ජූනියර් ඇත්ලීට්ස්ලාව ඇමරිකාවට එවලා තියනවා. හොදම උදාහරණේ තමයි මකා චරම්බා. මීට අවුරුදු කීපයකට කලින් එච්චර ලොකු දක්ෂතා තිබුණ නැති චරම්බාව ටෙනසි වල තියන division 2 university එකකට ගෙනල්ලා, පස්සේ Auburn වලටත් ගෙනල්ලා olympic finalist කෙනෙක් කරන්නේ කෝච් කෙන්.
ඊළගට අපි කතා කළේ මේ ශිෂ්‍යත්ව වලට එන අයට international meets වලට යන්න පුලුවන්ද කියලා. උත්තරේ ඔව්. මේ අවුරුද්දේ World Athletics championship එකට කෝච් කෙන්ගේ Athletes ලා 5 දෙනෙක් සහාභාගී වෙනවා. ඒ ක්‍රීඩකයෝ එයාලගේ රටවල කෝචස්ලා එක්ක ඒ තරගවලට යද්දි එයාලට සහය වෙන්න Auburn University එකේ වියදමෙන් කෝච් කෙනුත් එහාට යනවා කියලා කිව්වා. මේ කතාවෙදී විශේෂයෙන් අපි අසීම් ගැනත් කතා වුණා. ලබන අවුරුද්දේ NCAA ටූනමන්ට් එකට අමතරව මේ වෙද්දි අසීම්ගේ මැලේසියන් කෝච්ලත් එක්ක එකතුවෙලා අසීම්ව commenwealth games, Asian games වලදි දිනවන විදියත් plan කරගෙන යනවා කිව්වා. අපෙනුත් දැන්ම කවුරු හරි එනවා නම් එයාලවත් එයාලගේ ලංකාවේ කෝච්ලා එක්ක එකතු වෙලා Asian games, Commenwealth games දිනවන්න plan එකක් හදන්න උදව් කරන්නම් කියලත් කිව්වා.
ලංකාවේ ඉන්න ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ළමයින්ව ඇමරිකාවේ එවලා වෙන වෙන ට්‍රේනින් මෙතඩ් කරන්න ගියොත් විනාශ වෙයිද කියන බය. මේකටත් කෝච් කෙන් හොද උත්තරයක් දුන්නා. “අසීම් කියන්නේ හරි කෙට්ටු සිහින් සිරුරක් තියන කෙනෙක්. අපිට බෑ අපි නයිජීරියන්, ඇමරිකන් ඇත්ලීට්ස්ලා පුහුනු කරන විදියට එයාලව පුහුණු කරන්න. ඒක හන්දා අපි අපේ ඩයටීසියන්ලා, ට්‍රේනර්ස්ලා, එයාගේ මැලේසියන් කෝචස්ලා ඔක්කොම එකතු වෙලා තමයි අපි අසීම්ව ට්‍රේන් කරන්නේ, ලංකාවෙන් මෙහෙට කවුරු හරි ආවත් අපි ඒ විදියට ඒ එන ඇත්ලීට්ට ගැළපෙන විදියට තමයි එයාව පුහුණු කරවන්නේ”
කෝච් කියපු තවදෙයක් තමයි. අපි අපේ ඇත්ලීට්ස්ලා ඇත්ලටික් කරලා ඉවර වුණාට පස්සේ ලයිෆ් එක ගෙනියන එක් ගැනත් හිතනවා කියන එක. එයගේ ඇත්ලටික් කැරීයර් එක ඉවර වෙද්දි එයාලා කෝචස්ලා විදියට හරි වෙන ෆීල්ඩ්එකකින් ඉස්සරහට ය
වන විදිය හරි ගැන විශේෂයෙන් හිතලා තමයි එයාඑයාගේ ඇත්ලීට්ස්ලාව පුහුණු කරවන්නෙත් කියලා කිව්වා.
අන්තිමට කෝච් කෙන් කියපු දෙයක් තමයි, ලංකාවෙත් මේ වගේ ළමයි ඉන්නව නම් එයාලට ගැළපෙන University හොයාගන්න උදව් කරන්නම් කියන එක. ඒ වගේම ලංකාවේ ඉන්න කෝච්ලා, පාසල් ගුරුවරු, මළවල ක්‍රීඩා පරිපාලනයේ ඉන්න මේ ගැන විස්තර දැනගන්න කැමති අයට zoom meeting එකකට වගේ ඇවිත් කතා කරලා විස්තර කියන්නත් ඔහු කැමති කීවා.
අද මගේ මීටින්ග් එකේ සාරන්ශය තමයි මේක. දැනට ලංකාවේ ඉන්න ගොඩක් ඇත්ලටික් කරන අය, කෝචස්ලා මේ NCAA scholarship ගැන විස්තර දන්නේ නෑ. හැබැයි ලෝකේ අනිත් ගොඩක් රටවල මේ අවස්තා ගන්නවා. අපි අපේ දැන් ඉන්න ජූනියර් ඇත්ලීට්ස්ලාට මේ අවස්තා අරන් දෙන්න මහන්සි වුණොත් අපිට ඉස්සරහට තව ගොඩක් හොද ජයග්‍රහණ මළල ක්‍රීඩා වලින් ගන්න පුලුවන් වෙයි!


