ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW:

පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ හී දී නිමාවට පත් වුණා.එහි ටේබල් ටෙනිස් තරග පැවත් වුණේ Greater Asuncion area හී පිහිටි ටේබල් ටෙනිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදි.


මේ ටේබල් ටෙනිස් අංශයෙ පදක්කම් සටහනේ පෙරමුණ ගත්තෙ බ්‍රසීලය.ඇමෙරිකාවට හිමි වුණේ එක රන් පදක්කමක්,රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණයි.මේ ඇමෙරිකානු පදක්කම් තුනෙන් දෙකකම ලංකාවෙ සුවඳ රඳවන්න ටාෂියා පියදාස සමත් වෙනවා.
මේ ජයග්‍රහණ වටා තියෙන අපූරු කතාව දක්ෂයාගේ හැකියාවට ලෝකයම විවාතව පවතින බවයි.ටාෂියා කාන්තා තරගාවලියේ කණ්ඩායම් රන් පදක්කම ඇමෙරිකාවට දිනා දෙන්නට සමත් වන්නේ මෙන්ම කාන්තා යුගල තරගවලදී ලෝකඩ පදක්කම ඇමෙරිකාවට දිනා දෙන්නට සමත්වන්නේ සත්‍යා අස්පාති සමඟයි.ඇය ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩිකාවක්.


අවුරුදු 19 න් පහළ තරගාවලියකට ඇමෙරිකාව නියෝජනය කරන්න එරට පුරවැසිකම සහිත හොඳම දෙන්නා හැටියට දකුණු ආසියාතික රටවල අවුරුදු 15 සීමාවෙ ඉන්න පොඩි කෙල්ලො දෙන්නෙක්ට චාන්ස් එක ලැබෙනවා.
“හොඳයි තමයි තව කල් තියෙනවනෙ.ටූ මච් වගෙ නේද දැන්ම දාන එක“ වගෙ ලාංකේය කතා ඉහළින් තියෙන ඔළුවලට කිදා බැහැල නැති පොළවක අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කරන්න හොඳම දෙන්න තෝරන්න ඔවුන්ගෙ හම කොයි පාටද කියන කාරණයවත්,වයස කීයද කියන එකවත්,ඔවුන්ගෙ උප්පත්තියෙ මුල් කොතැනද කියන එකවත් අදාළ වුණේ නැහැ.


ටාෂියාට අපි දිගටම ලියා තිබෙන හැටියට පෙකණි වැල කැපෙන කොටම පිංපොං බෝලය සම්බන්ධයි.මේස පන්දු මේසය මත තබා මුවහත් කරන ලද පිංපොං බෝලයකින් මේ ලෝකයට බිහි කරන්න මවගේ පෙකණිවැල අතර සම්බන්ධය කපා දැමූ ආකාරයක් තමයි ඇයගේ ඉතිහාස කතාවට කියන්න තියෙන්නෙ.හැබැයි ඔවුන් උපතින්ම පිංපොං බෝලය දුටු තැන එයට පහර දෙන්න ටේබල් ටෙනිස් පිත්ත අතට අරගෙන ආව වගෙ තමයි හැසිරෙන්නෙ.ඒකට හේතුව තමයි වාර ගණනාවක් ලංකාවේ ටේබල් ටෙනිස් සූරයා වුණ තිළින පියදාස ටාෂියාගේ පියා වීම සහ තවත් ජාතික මට්ටමේ කැපි පෙණුන ටේබල් ටෙනිස් සූරියක වූ රිෆ්කා කාමිල් ටාෂියාගේ මව වීම.


ඇමෙරිකාවට දිනා දුන් පදක්කම් තුනෙන් දෙකක හිමිකාරිය වෙන ලංකාවට අයිති වෙන්න තිබුණ කෙල්ලෙක් ඇමෙරිකාවට අයිති වෙන්න බලපෑවෙ ලංකාවෙ දුප්පත්කම. ලංකාවෙ හිටියනම් ටාෂියා,හැම අතින්ම තියෙන ඒ දුප්පත්කම නිසා ලංකාවට මේ තරම් ටාෂියාව පොහොසත් කරන්න බැරි වෙයි.හැබැයි ටාෂියාට සතුටු වෙන්න තියෙන හොඳම දේ කකුලෙන් අදින,පෙත්සම් වැදෙන තරමට ක්‍රීඩාවට ඉඩක් නැති ලාංකේය ව්‍යහුයෙන් ඈත්ව දක්ෂතාවය එක හැටියට රටම පිලිගන්න රටක දක්ෂයෙක් වෙන්න ලැබීමයි.


ඇයට මේ ජයග්‍රහණය ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑව අය අතර ටෙබ්ල් ටෙනිස් ක්‍රීඩාවෙන් හුස්ම ගන්න එයාගෙ අම්මයි තාත්තයි වගේම ප්‍රධාන පුහුණුකරු වුණ ගාඕ ජුන් සහ ටුවාන් ලී, හෙලන් ලී, පුහුණුකරු ෂියැන්ජිං ෂැං, පුහුණුකරු ටියැන්රුයි ෂැං යන සියලුම දෙනාගෙන් ලද සහය උපදෙස් ද මිල කළ නොහැකියි.ඒ වගේම මේ වන විටත් මේ දක්ෂතාවයන් පෝෂණය කරන්න ටාෂියාගේ වගේම ඇයගේ නැගණිය ටියානාගේ පිටුපසින් ද වැටුණු අනුග්‍රාහක ශක්තිය වන බටර්ෆ්ලයි උතුරු ඇමෙරිකා සහ ලතින් අමෙරිකා සහයෝගයට ද බෙහෙවින් ස්තූති විය යුතුමයි.


ඒ වගේම මො මොහොතේ ටාෂියා ඉන්නෙ පැරගුවේ ඉදලා ඇවිත් ආර්ජෙන්ටිනාවට ගිහිං.තනියෙන් නෙමෙයි නංගි ටියානා සමඟ.ඒ පෑන් ඇමෙරිකා ටේබල් ටෙනිස් සූරතාවලිය වෙනුවෙන්.එහිදී 19 න් පහළ කාණ්ඩයෙන් තරග වඳින ටාෂියාට මෙන්ම 15 න් පහඛ කාණ්ඩයෙන් තරග වඳින ටියානාටත් අපේ සුභාශිංසන පිරිනමනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ

වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...