සචින්ගේ සහ බුවනෙකගෙන් ඓතිහාසික සටනක්

Date:

ලෝක බැඩ්මින්ට් සූරතාවලියට සහභාගි වන සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සහභාගි වූ මුල්ම තරගයේනම පරාජයට පත් විය.21 – 11 සහ 21 වූ එම තරගය විනාඩි 55 කාලයක් පැවතියේය. ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල 96 වන තැන සිටින සචින්ට සහ බුවනෙකට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රේණිගත් කිරිම්වල 32 වන තැන සිටින ඩෙන්මාර්කයේ ජෙපී බේ සහ ලෙසේ හොල්හේඩ් ප්‍රථම වටයේදී ඉතා පහසුවෙන් ජය ගත්තත්,දෙවන වටයේදී ඔවුන් දෙදෙනා ඩෙන්මාර්ක් යුගලය අන්ද මන්ද කරමින් ලකුණු 21 – 18 ක් ලෙස තරග වටය ජය ගත්තා.

තෙවන වටයේ මුල් ලකුණු 6 තුළ සචින් සහ බුවනෙක සිය රිද්මය පවත්වා ගනිමින් ඉදරියෙන් සිටියත් පළමුවරට ලකුනු පූවරුවේ ඉදිරියට ආ ඩෙන්මාර්ක් යුගලය හත්වන ලකුණ පළමුවෙන් ලබා ගත්තා.එහෙත් සචින් සහ බුවනෙක දැඩි විශ්වාසයකින් තරගයට පිවිසෙමින් ඔවුන් හඹා යමින් තරගයේ ජයග්‍රහණය සඳහා ජෙපී ට සහ ලෙසේ ට ලකුණු 25 ක් ලබා ගන්නට මාර්ගය සැකසුවා.අවසානයේ තෙවන වටය ලකුණු 25 – 23 ක් ලෙස ඩෙන්මාර්ක් යුගලය ජය ගත්තත් බැඩිමින්ටන් ක්‍රීඩාව ඉතා ඉහළින් පවතින ඩෙන්මාර්කය වැනි රටක ක්‍රීඩක යුගලයට ඔවුන් ලබා දුන් සටන ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවම ලැබූ ජයක් හැටියට සැළකිය හැකියි.

ජෙපී සහ ලෙසේ නිරන්තරයෙන් සිය ක්‍රීඩක හැකියාව ඉහළට ඔසවා ගන්නේ ජාත්‍යන්තර අත්දැකීම් සමඟයි.නමුත් සචින් සහ බුවනෙකට එතරම් අත්දැකීම් ප්‍රමානයක් උපයාගන්න අවස්ථාව නැහැ.මේ තත්ත්වය ක්‍රීඩා බලධාරීන් තේරුම් ගත යුතු අතර මේ වන විටත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින ක්‍රීඩකයා වන වික්ටර් ඇසෙල්සන් නියෝජනය කරන ඩෙන්මාර්කයේ ක්‍රීඩක යුගලයකට සචින් සහ බුවනෙක ලබා දුන් මෙම තරගය වගකීමෙන් හැසිරෙන ක්‍රීඩා පරිපාලනයකට රටේ සමස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාවට බලපාන හැරවුම් ලක්ෂයක් කර ගැනීමට හැකියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය