*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රටක් දෑතට ගෙන දිනවපු “ඔසික්”

වෙඩි හඬ ඇහෙන මානයේය.ජීවිතය තව මොහොතකින් තුරන් වේ යැයි හැඟේ.ඒත් මිනිසුන් සිය රූපවාහිනි තිරයට එබී සිටියි.ඒ යුද පුවත්,අනතුරු හඟවන පණිවිඩයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට නොවේය.සිය බිමේ ජීවත්වීමේ අයිතිය අහිමි කරන වෙඩි සැරට එරෙහිව තමන් රකින්නට පෙරට ආ සොල්දාදුවෙක් සිය භූමියේ වීරත්වය වෙනුවෙන් ලෝකය ඉදිරියේ පෙනී සිටින හැටි දකින්නටය.යුක්රේනයේ සුන් බුන්වලින් මෑත් වූ මිනිස්සු පමණක් නොව නවීන යුද තාක්ෂණය විසින් රුසියාව ඩැහැ ගන්නට බලා සිටින යුක්රේන නායක සෙලෙන්ස්කි පවා ඒ මොහොතේ ඒ දෑත්වලට දිරිය පතමින් සිටිය බව සහතිකය.

අවියකින් තොරව මිනිසෙක්ගේ දෑතේ ශක්තියට මේ තරම් ආශිර්වාද කළ,ගෞරව කළ ඉතිහාසයක් නොතිබෙන්නට ඇත.ඒ තරම් මිනිස්සු බලාපොරොත්තු තබා ගත් දෑතක් අන් කවරෙක්ට හෝ නොතිබෙන්නට ඇති.ඒ දෑතේ හිමිකරුගේ ශක්තිය පිඩාවක් වෙන තරමටම වද දෙන යුක්රේන ජනතාවගේ පීඩාවට පත් හඬින් මතුවන ආදරණිය සුබ පැතුම් සමඟ වඩාත් සංයමයට සහ ශික්ෂණයට පත් වී තිබිණ.ඒ නිසා සැඩ පහරම වෙහෙසකර වුවහොත් රටක් හැඬවිය හැකි බව,රටක යුද්ධයේ පරමාර්ථ බිඳ වැටිය හැකි බව මහා බලාපොරොත්තුවේ හිමිකරුවා වූ ඔලෙක්සැන්ඩර් ඔසික් ට දැනෙන්නට ඇත.
එය අපූරුවට පෙළ ගස්සන්නේ යුක්රේන ජනපති සෙලෙන්ස්කිය.

“ඔහු අපහසුවෙන් කිරුළ රැක ගැනීමෙන් රටට අසීරු මොහොතක අත්‍යවශ්‍යයම ජයග්‍රහණයක් ලබා දී ඇත.ඔහු ලෝක සුරතාව රැක ගැනීමෙන් කියන්නේ කොසැක්වරු තමන්ගේ දේ පහසුවෙන් අත් නොහරින බවයි.එසේම නියත වශයෙන්ම සටන් වැද ජය ගන්නා බවත්ය.”
රටක නායකයෙක් මුෂ්ටි ප්‍රහාරකයෙක්ගේ ජයග්‍රහණය සම කරන්නේ තමන්ට එරෙහිව එල්ලවන උණ්ඩමය අභියෝග මැඬ ජය ගන්නට පාර කියන අවස්ථාවක් ලෙසය.හරියටම රුසියාවට එරෙහි සාර්ථක ප්‍රහාරයක් එල්ල කළ අයුරෙන් රටේ නායකයාගේ සිට සමස්ත පුරවැසියාම ආනන්දයට පත් කළ ජයක්ය.

විනිසුරු තීරණ තුනෙන් දෙකක්ම වට දොළහා නිමාවේ ඔසික්ට පක්ෂ වෙද්දී එක තීරණයකින් කීවේ ජයග්‍රාහකයා අන්ටනි ජොෂුවා බවය.ඒ නිසාම තීරණයෙන් ඉනික්බිති යම් කැළඹිමකට පත් වූ බවක් ජොෂුවාගෙන් දක්නට ලැබුණත්,ඔහුගේ සටන සහ බැදුණු රටක අභිලාෂයන්හී උතුම් බවට ඔහු හිස නැමීය.සුළු නේලාවකට ජොසුවාගේ උර මත යුක්රේන ධජය දිඳුලවමින් තමන්ට එරෙහිව සටන ජයගත් ප්‍රතිවාදියාගේ සටන්කාමී හැඟීමට මුසුව තිබූ කෝටි සංඛ්‍යාත ජන පවුරක ආශිර්වාදයට සහ ගෞරවයට ඔහු ද ගරු කළේය.
“මේ මිනිහා අද රෑ මට ගැහුවා, සමහර විට මට මීට වඩා හොඳට කරන්න තිබුණා, නමුත් ඒකෙන් පේන්නේ මම කරපු මහන්සියේ මට්ටම, ඒ නිසා කරුණාකර ඔහුට අපේ ලෝක හෙවිවේට් ශූරයා ලෙස අත්පොලසන් දෙන්න.”
ඔලෙකක්සැන්ඩර් ඔසික්ගෙන් ගත් නීල සහ පීත වර්ණැති ධජයෙන් සිය සිරුර වසා ගනිමින් ජොෂුවා එසේ පැවසීය.
එසේම කවුරුක් ඔසික්ව දුටු සේම ඔහුද ජයග්‍රහණයෙන් විවෘත වුණ ජගත් දොරටුවලින් ඇතුල් කළ සිය වචනමාලාවේ තිබුණේ මෙවැන්නකි.

“ලෝකයේ සමහර කොටස් යුක්රේනයේ සිඳුවන දේ අවතක්සෙරු කරන බව.මට එයාලට කියන්න තියෙන්නෙ කරුණාකරලා මොකද වෙන්නෙ කියලා යුක්රේනය දෙස බලන්න කියලයි.
එපමණක් නොවේ, ඔහු සැවොම ඔහුගේ සටනේ අරමුණ ගැන මතුළ වැකි ද මුදා හැරුවේය.
“මම මේ ජයග්‍රහණය කළේ මගේ රට වෙනුවෙන්, සියලු ජනතාව වෙනුවෙන්, රට ආරක්ෂා කරන හමුදාවන් වෙනුවෙන්.

ඔහු ජොෂුවාට පහර දුන්නේ ලෝකය යුක්රේනය දෙසට හරවන්නය.හෙට ද ඔහුට රට පැවරුවහොත් ඔහුගේ ඊළඟ බොක්ෂිං අභිමතාර්තය වන ටයිසන් පියුරි අභිබවා යාම පිණිස වන හමුවේ උවමනාව වීදියක මුර සෙබළෙක්ගේ භූමිකාවට දෙවැනි කරනු ඇත.ඔහු තරගයට සූදානම් වීමට පෙර ද හිටියේ කඩා වැටි සුන් බුන් වූ මංමාවත් හී වීදී වල බයිනෙත්තුවක් අතින් ගෙන යුක්රේනයත් එහි ජනතාවත් රැකීම පළමු තැන තබාය.ඔහු රට ඔහුගේ තරග වැදීම සහ ජයග්‍රහණය අවශ්‍යය බව කියන තෙක් ඉවසුවේය.ඒ නිසාම යුක්රේනයෙන් පිරුණු හදවතක් ඇති ඔලෙක්සැන්ඩර් ඔසික් ඒ රටේ මිනිසුන්ගේ හැඟීම් වෙඩි උණ්ඩවලින් විසුරුවා දමන්නට බැරි තැනට මෙහෙයවන නිර්භීත, දේශප්‍රේමී,පරමාදර්ශී යුක්රේනුවාවෙක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan