*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියේ ජනාධිපතිට සන්දේශයක් බාර දෙන්න, අරගලකාරයො මගදි අපිට අල්ලගෙන ගැහුවා !

මැයි 09 වැනිදා සිදුවූයේ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීම නොව අරගලකරුවන් විසින් තමා ඇතුළු නිරායුධ පිරිසට පහරදීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.

මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව තමන් ඇතුළු මැති ඇමතිවරුන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සන්දේශයක් බාරදීම සඳහා පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැකවල් ලා සිටි අරගලකරුවන් තමන් ඇතුළු පිරිසට එළව එළවා පහර දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ජීවිත ආරක්ෂාව පතා තමන් සමග සිටි පාක්ෂිකයන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත්, සියලු ගැටලුවලට හේතු වූයේ අරගලකරුවන් එල්ල කළ ප්‍රහාරය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අරගලයට මුවාවෙමින් නීතිය තුට්ටුවකට මායිම් කරමින් පසුගිය කාලයේදී මහජන දේපල විනාශ කිරීම, රාජ්‍ය ආයතනවලට කඩා පැනීම වැනි අපරාධ සිදුකළ පුද්ගලයන් වෙනුවෙන් අද නීතිඥ සංගමයද පෙනී සිටින බව සනත් නිශාන්ත මහතා පවසනවා. අද අල්ලා ගන්නා අපරාධකරුවන්ට හෙට වනවිට ඇප ලැබෙන බවත්, පොදු දේපල පනත යටතේ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එසේ ඇප ලබා දෙන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

මෙම තත්වය සඳහා නීතිඥ සංගමය පමණක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් හා ඇතැම් විනිසුරුවරුන්ද වගකිව යුතු බව සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan