අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා තංගල්ල බන්ධනාගාරයට!

Date:

පසුගිය 18 වැනිදා පැවති අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ හෂාන් ගුණතිලක යන තිදෙනා ඊයේ (22) රාත්‍රියේදී තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මෙම සිසුන් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ දින ආරක්ෂණ අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ අතර ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම සිදුකර තිබුණ අතර ඉන් අනතුරුව අධිකරණයකට ඉදිරිපත් නොකර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් නියෝග ලබා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...