දින 04 ක් කුසගින්නේ සිටි දරුවන් වෙනුවෙන් සහල් කිලෝ 03 ක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට !

Date:

සහල් කිලෝග්‍රෑම් 03 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳසැලේ ආරක්ෂකයන් විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලීසියට පවසා තිබෙන්නේ තම දරුවන් දෙදෙනා දින හතරක් තිස්සේ ආහාර නොමැතිව හාමතින් පසුවන බවයි. ඔවුන්ගේ කුසගින්න නිවා දැමීම සඳහා මෙම භාණ්ඩ සොරකම් කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම පැමිණිල්ල විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා අදාල භාණ්ඩවල වටිනාකම ගෙවා දමා සැකකරු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

රටතුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර මේ නිසා මෙවැනි සොරකම් පිළිබඳව දිනපතා වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...