සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් නියෝග කර ඇත්තේ , දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින ෂාෆ්ටර් මහතාගේ මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙසයි.
තවදුරටත් මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසත් තවත් නියෝගයක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.
ඉන්පසුව , මහෙස්ත්‍රාත්වරිය විසින් අදාළ පරීක්ෂණ වාර්තා සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවන ලෙස නියෝග කර ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??