පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සංකේත වැඩ වර්ජනයකට

Date:

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අගෝස්තු 24 වෙනිදා උදේ 8ට දිවයින පුරා සියලු රෝහල් වල සංකේත වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇත.

ඉල්ලිම් 7ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමට වෘත්තීය කාණ්ඩ 5කින් සහ නිලධාරීන් 7000 ට ආසන්න සංඛ්‍යාවක් හෙබි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 අගෝස්තු 24 වනදා උදේ 8 සිට 25 වනදා උදේ 8 ට දක්වා පැය 24 ක වර්ජනයකට සහභාගී වේ.

බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවක් ගැටළුවට අදාල චක්‍රලේඛය නිකුත්කිරීම ප්‍රමාද කිරීම, නව බදවාගැනීම් නවතා දැමීම හේතුවෙන් සේවා බිදවැටීමකට ලක් වීමට ඉඩහැරීම , අසාධාරණ ලෙස විනය නියෝග භාවිතා කරමින් වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් මර්දනයට උත්සාහ කිරීමයි අදී කරුණු සඳහා විරෝධය පා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.

වර්ජන සදහා සියලු පිළිකා ආයතනය, මාතෘ හා ලමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතන වල සේවාවේ නිරත වනු ඇත. මීට අමතරව වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල ජීවිත ආරක්ෂක සේවා සේවා ආවරණයට ස්වේච්ඡා නිලධාරීන් යොදවා ඇත. යම් හෙයකින් එම ආයතනවල ස්වේච්ඡා සේවයේ නිරත වන නිලධාරීන්ට බාධා කිරීම පැමිණ වුවහොත් එම අවස්ථාවේදීම එම ස්වේච්ඡා සේවා වලින් එම නිලධාරීන් ඉවත් කර ගනු ඇත.

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...