ශ්‍රීලනිපයට අද අත්වෙලා තියෙන ඉරණමට මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වනවිට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පේන්නවත් නෑනෙ. එතුමා කොහෙ හරි ගිහිල්ලාද ?

“මම දන්නෑ. එතුමා කියලා තිබුණානෙ දේශපාලන වශයෙන් එතුමා නිහඬයි කියලා, කාටවත් උදව් කරන්නෙ නෑ කියලා. ඒක වෙන්න ඇති මං හිතන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමාවත් දැක්කෙ නැද්ද කොහෙවත් ඉන්නවා ?

“නෑ, මටත් හම්බුණෙ නෑ”

ප්‍රශ්නය – මෙහෙම්ම නැතිවෙලා යයිද එතුමා, නැත්නම් කොයි වෙලාවක හරි නැවතත් එළියට එයිද ?

“දන්නෑ. ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනෙ. එතුමා ගත්තු වැරදි තීන්දු ගැන දැන්වත් එතුමා නිස්කලංකව ඉඳගෙන මෙනෙහි කළොත් හොඳයි. මේ පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණමට එතුමා සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ. ඒ වගේම නිමල් සිරිපාල මැතිතුමා ඇතුළු පිරිසත් වගකියන්න ඕනෙ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...