රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මුණුපුරකු වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 76 වැනි වියේ පසුවිය.

සිය ඥාති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසුව දැදිගම ආසනය නියෝජනය කළ රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වෙයි.

1948 ජූනි 21 වෙනිදා උපන් රුක්මන් සේනානායක මහතා රොබට් පරාක්‍රම සේනානායක සහ ස්වර්ණ නීලා සේනානායක යුවලගේ තුන්වැනි දරුවායි.

දැදිගම ආසනය නියෝජනය කළ රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් 1973 දී පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පිවිසුන අතර 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළද 1977 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ නැත.

1994 දී රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසි අතර 2001 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ අතර යලිත් 2001 වසරේ දෙසැම්බර් මාසයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එවර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්විය.

රුක්මන් සේනානායක මහතා 2004 වසර දක්වා කැබිනට් අමාත්‍ය ධුරය දැරූ අතර 2004 මහ මැතිවරණයෙන් ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2007 දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසත් 2008 දී උප නායක ලෙසත් කටයුතු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...

ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය...

තර්ජන,ගර්ජන සහ මර්දනයට අපි බය නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නායකත්වය දෙනවා – සජිත්

කොළඹ LNW: තර්ජන, ගර්ජන, මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමට...

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) සිට බලපැවැත්වෙන...