ජනපති දිනවීමට අත්පත්‍රිකා බෙදීම ඇරඹේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ (LNW):

හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංවිධාන කළ , මුස්ලිම් ජනතාව ජනාධිපතිවරණය පිළිබදව දැනුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහපල්ලිය අසලදී පැවැත්වුණා.

එය පැවැත් වුණේ ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

රනිල් දිනවන සටන මැයෙන් පැවති එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා.

තවද , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මාවරමණ්ඩාය,  දෙල්ගොඩ හා බණ්ඩාරවත්ත ප්‍රදේශවලදීයි.

මෙම වැඩසටහන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්ගොඩ නගරයෙන් ආරම්භ වුණා.

ඉන්පසුවයි මාවරමණ්ඩිය හා බණ්ඩාරවත්ත ප්‍රදේශවල ජනතාවට අත්පත්‍රිකා බෙදාදීම සිදුවුණේ.

ප්‍රාදේශීය මහජන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...