*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

කාදිනල් හිමිපාණන් හා පාස්ටර් ජෙරෝම් එකම කාසියේ දෙපැත්ත ද?

සටහන: ඇඩොල්ෆ්

අගෝස්තු 24, කොළඹ (LNW): කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විවිධ සමාජීය හා දේශපාලනික ගැටළු සම්බන්ධයෙන් නිතර වාචික වූ අයකු බව රහසක් නොවේ. නමුත්, උන්වහන්සේගේ මෙම අදහස් වරින්වර ආගමික ඉගැන්වීම්වලින් පවා ඔබ්බට යන බවක් දක්නට ලැබේ. 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි සිදුවීම් ද ඇතුළත් ව, ඊට අදාළ විමර්ශන දියත් කිරීම සම්බන්ධයෙන් රජයේ අසාර්ථකභාවය පෙන්වා දීමට කටයුතුකළ කාදිනල් හිමිපාණන් එම ප්‍රහාරයේ වින්දිතයන් හට යුක්තිය ඉටුකරන මෙන් නිතර හඬ නැඟූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙර සිටි කතෝලික රදගුරුවරුන් මෙන් නොව, කාදිනල් රංජිත් හිමිපාණන් නිතර දේශපාලන කරුණුවලට මැදිහත් වූ පුද්ගලයෙකි. විශේෂයෙන්ම උන්වහන්සේ ගේ මෙම මැදිහත්වීම් ජාතික රජයක් පිහිටුවීම හා සමාජ සාධාරණය පාදකකර ගත් ඒවා ය.

උන්වහන්සේගේ ප්‍රකාශ, උන්වහන්සේට ම අනුව, විවිධ අවස්ථාවන්වල දී ජනවාර්ගික බෙදීම් හෝ ආන්තීකරණයට ලක්වන පුද්ගලයන්හට බලපාන ප්‍රතිපත්තීන් කෙරේ මධ්‍යගත වී ඇත. කෙසේවෙතත් මෙම ප්‍රකාශ ජාතිකවාදී මුහුණුවරක් ගනුලබන අතර, ඒවා සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම කෙරේ අවධානය යොමු කිරීම හමුවේ මෙරට ජීවත්වන සුළුතර ප්‍රජාවන්ගේ විවේචනයට තුඩු දී ඇත.

ජාත්‍යන්තර සංවිධාන සහ බටහිර ආභාෂයන් ශ්‍රී ලංකාවතුළ දක්වන්නේ යැයි කියන මැදිහත්වීම සම්බන්ධයෙන් ද විවේචනාත්මක මුහුණුවරක් කාදිනල්වරයාගේ ප්‍රකාශවල ගැබ් ව පවතියි. මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සිදුවන විදේශ මැදිහත්වීම් කෙරේ උන්වහන්සේ සිය විරෝධතාවය ප්‍රකාශකර ඇති අතර, බොහෝවිට මේවා මෙරට පැවති සිවිල් යුධමය තත්ත්වය හමුවේ හටගත් මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට අදාළව සිදු වූ විමර්ශනයන් ඉලක්කකරගනිමින් සිදුකළ ඒවා ය.

උන්වහන්සේ ගේ ප්‍රකාශ බොහෝවිට ජාතිකවාදී සන්දර්භය හා සුසරවන ඒවාවන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂාකර ගැනීම පිළිබඳ ප්‍රකාශ ලෙස අර්තනැංවිය හැකි නමුත්, මෙම ප්‍රකාශ යුක්තිය හා වගවීම කෙරේ ජාත්‍යන්තර මැදිහත්වීමේ පවතින වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන්ගේ විවේචනයට තුඩු දී ඇත.

මෙවන් උදාහරණ තුළින්, බොහෝ විට කාදිනල් හිමිපාණන් සාම්ප්‍රදායික වශයෙන් ආගමික ඉගැන්වීම්වල පවතින කරුණු පවා අභිබවා යන අයුරක් නිරීක්ෂණයකළ හැකි ය; උන්වහන්සේ ගේ හැසිරීම් සහ ප්‍රකාශ සාම්ප්‍රදායික ආගමික ඉගැන්වීම්වලට පටහැනිබවක් නිරීක්ෂණයකළ හැකි ය.

ඒ අනුව, උන්වහන්සේ වඩාත් මධ්‍යගත වන්නේ ආගමික සංවාදයටත් වඩා දේශපාලන සහ සමාජීය වශයෙන් ආන්දෝලනාත්මක සංවාද අතර ය.

සිරිල් ගාමිණී පියතුමන් වැනි ආගමික නායකයන් ද කැටුව, කතෝලික සභාවතුළ පවා භයානක තත්ත්වයන් ඇතිකළ හැකි, සහ ඒවාහි ප්‍රතිවිපාක පිළිබඳව වත් තැකීමක් සිදුනොකරන මෙවන් ප්‍රකාශ කටමත්තට දොඩවන්නාක් මෙන් උන්වහන්සේ හැසිරෙන්නේ මන් ද යන්න ප්‍රශ්න සහගත ය. ඒ අනුව, තමා ආගමික විශ්වාසයමත කතෝලික සභාවේ දරන ස්ථාවරය පවා අමතක කරමින් සමස්ත කතෝලික සභාවම තමා යටතේ පවතින්නාක් මෙන් කාදිනල් හිමිපාණන් හැසිරෙන බවක් නිරීක්ෂණයකළ හැකි ය.

රාජපක්ෂ පවුල සමඟ පැවති සබඳතාව

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ රාජපක්ෂ පවුල අතර පවතින සබඳතාව සංකීර්ණ ය. සිවිල් යුධ තත්ත්වය පැවති හා එය අවසාන වූ සමයන්වල මෙන්ම, 2019 මැතිවරණය ආසන්නයේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගැනීමට සහාය ලබා දුන් බවක් පෙනෙන මොහොත දක්වා ම උන්වහන්සේගේ පක්ෂග්‍රාහීත්වය රාජපක්ෂ පවුල කෙරේ ලැබී තිබිණි. කෙසේවෙතත්, ගත වූ වසර කිහිපයතුළ උන්වහන්සේ ඊට හාත්පසින්ම විරුද්ධ ගතිකයක් විදහා පෑ අතර, මෙය වැඩි වශයෙන් ම නිරීක්ෂණයකළ හැකි වූයේ පශ්චාත් පාස්කු ප්‍රහාර සමය සහ ඉන් අනතුරුව රටේ දේශපාලන පිටියතුළ හටගත් ගතිකයන් හමුවේ ය.

සදාචාරාත්මක සහ ආගමික නායකයකු ලෙස කාදිනල් හිමිපාණන් සිය භූමිකාව මෙරට අස්ථාවර භූ දේශපාලනික භූදර්ශනයතුළ විදහා පෑ අතර, දේශපාලන නායකයන් සමඟ හටගත් හමුවීම් තුළින්, විශේෂයෙන් ම රාජපක්ෂවරුන් සමඟ පැවති සබඳතාව ව්‍යාකූලකර ඇති බවක් නිරීක්ෂණයකළ හැකි ය.

රාජපක්ෂවරුන්ට එරෙහි විවිධ අවස්ථාවන්වල දී එල්ලකළ විවේචනයන් පසෙක ලා, උන්වහන්සේ තවමත් රාජපක්ෂ පවුල සමඟ පවතින සම්බන්ධතාවය යම්මට්ටමකින් හෝ පවත්වා ගන්නේ දැයි සාධාරණ සැකයක් මතු ව පවතී. මීට ප්‍රධානතම හේතුව වන්නේ, රාජපක්ෂවරුන් බලයේ සිටින විට වර්තමානයට සාපේක්ෂව විවේචනයන් අතින් උන්වහන්සේ විසින් අනුගමනයකළ නිහඬ පිළිවෙත, සහ රාජපක්ෂවරුන් සහභාගී වූ විවිධ උත්සවවලට උන්වහන්සේ ද සහභාගී වීම ය.

කෙසේවෙතත්, පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතුළු උන්වහන්සේ ගේ ඉතාමත් මෑත කාලීන විවේනයන් දෙස බැලූ කල් හි, මෙම සන්දර්භය වෙනත් අතකට ගොස් ඇති බව හැඟී යයි. එහෙත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතු දැකීමට කටයුතු කිරීම හමුවේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සටහන් දෙස බලන විට නම්, බොහො දෙනෙකුගේ වික්ෂිප්තභාවයට එය තුඩුදුන් බව නම් සඳහන්කළ යුතු ය.

කාදිනල් හිමිපාණන් සම්පූර්ණයෙන් අවබෝධකරගෙන නොමැති කරුණ වන්නේ කතෝලික සභාව උන්වහන්සේ ගේ බූදලයක් නොවන බව ය. උන්වහන්සේ කතෝලික සභාවතුළ දරන්නේ විශ්වාසයමත ගොඩනැඟුණු තනතුරක් පමණි. මේ හේතුව නිසාම, උන්වහන්සේ ගේ හැසිරීම, ජනතා කෝපය අවුලනු ලබන ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ පාස්ටර්වරයකු වන ජෙරෝම් ගේ හැසිරීමට සමාන කරන අයුරු දැකීමට හැකි ය. කාදිනල් හිමිපාණන් ගිහියන් වෙනුවෙන් වගවන තැනැත්තකු නම්, දේශපාලනික ගතිකයන් පසුපස හඹායනු වෙනුවට යාඥාවට වැඩි අවධානයක් යොමුකරන මෙන් ගිහියන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය.

කාදිනල් හිමිපාණන්ගේ හැසිරීම් විලාශය අනුව, උන්වහන්සේ, මහජන කෝපය නිසා ධුරයෙන් නෙරපා හරින ලද ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරුවරයා මෙන් සිය තනතුරට සමු දීමට වැඩි අවදානමක් පවතියි.

කාදිනල් හිමිපාණෙනි, ඉතාලි හිතෝපදේශයක් පවතී: “ගිනි සමඟ සෙල්ලම් කරන තැනැත්තා පිලිස්සී යයි”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan