රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ ඔහුගෙන් පළිගැනීමේ කිසිදු ක්‍රියාවලියක් හෝ නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ට තමන් අදහන තමන්ගෙ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ රට පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවායි කියන එක ජාතික ජන බලවේගය විදියට අපි පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා, කවදාටත් තියෙනවා. රජය මේ සඳහා කිසිදු මැදිහත්වීමක්, පළිගැනීමක්, එහෙම නෑ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...

අවුරුදු 5කින් කරන්න තියෙන දේ අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී...

අඩු පීඩන කලාපයේ බලපෑම දුර්වල වෙයි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන...