මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල වන චෝදනා යටගසා ගැනීම සඳහා CIDය භාවිතා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඊයේ දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාව අත් අඩංගුවට ගත්තා. ජානක වක්කුඹුර මැතිතුමාත් ඇතුළුව අපි කිහිපදෙනෙක් එතනට ගියා. මොකද, අපි දන්නවා මේ දේශපාලන පළිගැනීම්වල තියෙන වේදනාව. මගේ මුළු පවුලම දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා ඉන්නෙ. මේ රටේ අපෙ හාමුදුරුවනේ වැඩියෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා තියෙන්නෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි, මහින්ද රාජපක්ෂයි ජනාධිපතිතුමායි. ඒ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවලින්. හැබැයි අපි ඒවාට මුහුණ දුන්නා. හැබැයි අපි මුහුණ දීපු මර්දනය, අපි මුහුණ දීපු පළිගැනීම තවත් කෙනෙක්ට ඒ වේදනාව දෙන්න අපි ලෑස්ති නෑ”

“ආණ්ඩුව උත්සාහ කරන්නෙ මේ රටේ රාජ්‍යය බිඳ දමන්න අපෙ හාමුදුරුවනේ. එදා 88 – 89 තුවක්කුවෙන් කරගන්න බැරිවෙච්ච දේ, LTTE එකට අවුරුදු 30ක් යුද්ධ කරලා කරගන්න බැරිවෙච්ච දේ අද JVP එක එක පැත්තකින් රාජ්‍ය බලය අරගෙන රාජ්‍ය ඒකාධිපති පාලනයකට ගෙනියන්න උත්සාහ කරනවා. රාජ්‍ය මර්දනය කරනවා”

“රටේ ප්‍රජාතරන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තුවෙන් පත්කරපු ජනාධිපතිවරයා හිරේ. ඔහු ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු ආකාරය පිළිබඳව ඔහුට ප්‍රශ්න ගේනවා. අවසානයේ මෙය නම් මේ රටේ පාලකයාගේ ඉරණම කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගෙ ජීවිතය පරදුවට තියලා මේ රට වෙනුවෙන් තීන්දු ගන්නෙ නෑ. ආණ්ඩුවට තමන්ගෙ ටෙන්ඩර් මගඩි වහගන්න ඕනෙ නම්, බලශක්ති ඇමතිවරයාගේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් ආපු බලපෑම වහගන්න ඕනෙ නම්, ඔහුට විරුද්ධව අල්ලස් කොමිසමට දාපු නඩුව වහගන්න ඕනෙ නම්, ආණ්ඩුවේ ඉඩම් කොල්ලකාපු අයගෙ චෝදනා පාර්ලිමේන්තුවේ එකින් එක දිගහැරෙනකොට, ඒවා වහගන්න ගරු විනිශ්චයකාරවරුන් මාරුකරපුවා පාර්ලිමේන්තුවේ දිගහැරෙනකොට මේවා වහගන්න ඕනෙ නම් තමන් අවුරුදු ගාණන් මවපු රොකට් එක පැලවත්තෙ කාර්යාලයට උඩට වැටිච්ච එක වහගන්න ඕනෙ නම්, ඒවා වහගන්න රටේ හිටපු නායකයෙක්ව අත් අඩංගුවට ගත්තා කියලා රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් හම්බවෙන්නෙ නෑ. ආණ්ඩුව පසුගිය කාලෙ තමන්ට ආපු චෝදනා වහගන්න, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න උපක්‍රමශීලීව ආණ්ඩුව පාවිච්චි කළා CID එක. පාවිච්චි කරලා හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගත්තා”

“අපිට අභියෝගයක් තියෙනවා. මහා දැවැන්ත මර්දනයකට අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ලක්කරලා තියෙනවා. රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන්න. ඒ අභියෝගයට අපි මුහුණ දෙනවා. මේ ආණ්ඩුවට අපි කියනවා, මර්දනයට ලෑස්ති වෙන්න එපා. මර්දනයට ලෑස්ති වෙන්න එපා. අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා. ඒ හින්දා මර්දනයට සූදානම් වෙන්න එපා, ඔබ දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. අපිව මර්දනය කරන්න දෙයක් නෑ දීපු පොරොන්දු, කියපු දේවල් කරනවා නම්”

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (23) බේරුවල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත්...

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...