Waters Edge දැන් නව ගමනක..

Date:

අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයට අයත් වෝටර්ස් එජ් (Waters Edge) ආයතනයේ සිය සේවාවන් පුළුල් කරමින් නවාතැන් සඳහා සුඛෝපභෝගී කාමර සහිත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉඳිකර පසුගිය දා විවෘත කළේ ඉතා උත්කර්ෂවත් අන්දමිණි.

ඒ අනුව, මෙම කාමර 50 කින් සමන්විත ව්‍යාපෘතිය විවෘත කිරීම සිදු වූයේ විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හා අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

වෝටර්ස් එජ් ආයතනයේ සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතාද මෙම අවස්ථාවට එක් වුන බව සඳහන් වේ.

ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් වෝටර්ස් එජ් ආයතනය මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේදී වඩාත් දර්ශනීය හා එහි අලංකාර පරිසර සම්පත භාවිතා කර තිබෙන අතර, දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ගන්නා පරිදි නවාතැන් කාමර අභ්‍යන්තර පරිශ්‍රයද අලංකරණය කර ඇති අතර ආබාධිත සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සහිත කාමර පද්ධතියක්ද ඉදිකර තිබීම විශේෂත්වයකි.

තවද, කාමර නවාතැන් පහසුකම් ලබාගන්නා අමුත්තන්ට අනෙකුත් සේවා පහසුකම් ලබාගැනීමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර දේශීය සූපශ්‍රාස්ත්‍ර ආහාර වර්ග සහ ඉතාලි, ජපන් භෝජන අත්දැකීම්ද ලබාගැනීමට හැකියි.

ගෝල්ෆ් ක්‍රීඩාවේ යෙදීම, වෝටර්ස් එජ් පරිසරයට අවේණික පක්ෂීන් නැරඹීම, බෝට්ටු සවාරි සඳහා එක්වීම ආදී පහසුකම්ද අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...