චින්නස්වාමී වෙනුවට පටෙල් එයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW:


බැංගලෝරයේ එම් චින්නස්වාමි ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයට පිළියමක් ලෙස කාන්තා ලෝක කුසලානයේ තරග පැවත්වීම සඳහා නවී මුම්බායි ඩී.වයි පටෙල් ක්‍රීඩාංගණය තේාරා ගැනීමට අයිසීසී ය තීරණය කර ඇත.ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවත්වෙන මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වර්ෂයේ සැප්තැම්බර් 30 වන දා ආරම්භ වී නොවැම්බර් 2 දා නිමාවට පත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ දී තරග 11 ක් පැවත්වෙන අතර ඊට අමතරව එක් අවසාන පූර්ව තරගයක් සඳහා ගුවහති හෝ ශ්‍රී ලංකාව නම් කර තිබෙන අතර අවසාන තරගය සඳහා ද නවී මුම්බායි හී ඩීවයි පටෙල් ක්‍රීඩාංගණය හෝ කොළඹ ලෙස දක්වා ඇත. එම තරග දෙකද පැමිණියහොත් ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරග ප්‍රමාණය 13 ක් වනු ඇත. ශ්‍රී ලංකාවේදී මෙම සියළුම තරග පැවත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.


කාන්තා ලෝක කුසලානය සඳහා අවසාන තරගයද ඇතුළු සමස්ත තරග 31 ක් ඇතුළත් වන අතර තරගාවලියට ඉන්දියාව,ශ්‍රී ලංකාව,එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය, බංගලාදේශය,දකුණු අප්‍රිකාව සහ පකිස්තානය සශභාගි වේ. ACA ක්‍රීඩාංගණය (ගුවහාටි), හොල්කර් ක්‍රීඩාංගනය (ඉන්දෝර්), ACA-VDCA ක්‍රීඩාංගනය (විශාකාපට්) සහ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (කොළඹ, ශ්‍රී ලංකාව) පෙර නම් කළ තිබූ පරිදිම නොවෙනස්ව පවතියි. අලුතෙන් එක්වන නවි මුම්බායී හී පිහිටි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මෑතකාලයේ විශාල අවධානයක් දිනා ගත් ක්‍රීඩාංගණයක් වන මරාති දේශපාලනඥයෙකු වන ඩියැන්ඩියෝ යෂ්වන්ත්‍රාඕ පටිල් වෙත හිමිකාරත්වය පැවරෙන ඩී.වයි පටිල් ක්‍රීඩාංගණය ඉන්දියාවේ පිහිටි නවවන විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැළකෙයි.එහි ප්‍රේක්ෂකයන් 45 300 ට අසුන් ගැනීමේ පහසුකම් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...