Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

0
493

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනයේ සහ රුසියාවේ දරුවන් පිළිබඳව ඇමරිකානු ජනාධිපති ආර්යාව රුසියානු ජනාධිපති පුටින්ට යැවූ ලිපියෙන් පසුව එමීන් එර්ඩෝගන් මෙලනියා ට්‍රම්ප් වෙත ලිපියකින් අමතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි ජනාධිපති ආර්යාව වන එමීන් එර්ඩෝගන්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් වෙත ලිපියක් යවමින්, ඊශ්‍රායල අගමැති අමතා ගාසා තීරයේ දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ ප්‍රශ්නය මතු කරන ලෙස ඉල්ලා සිටියාය.

යුක්රේනයේ සහ රුසියාවේ දරුවන්ගේ තත්ත්වය පිළිබඳව මෙලනියා මේ මස මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත යවන ලද ලිපියෙන් තමා තෘතිමත් වූ බව තුර්කි නායක රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ බිරිඳ වන එමීන් ඊයේ(23) ලියා තිබේ.

තුර්කියේ රාජ්‍ය මාධ්‍යයට අනුව, ඇමරිකානු ජනාධිපති ආර්යාව පුටින් වෙත යැවූ ලිපියේ ප්‍රකාශිත හැඟීම් ගෝලීය ගැටළු කෙරෙහි ගැඹුරින් අනුගත වූ හෘද සාක්ෂියක් පිළිබිඹු කරන බව එමීන් පැවසීය.