හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින පවතින බව නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය අරඹා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී තිබෙන විදෙස් සංචාරයට අදාළව වියදම් සඳහා පූර්ව අනුමැතියක් ලබාගෙන නොමැති බවයි.

හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙන අතර රජයේ නිලධාරීන් දේශපාලකයින් හරි මඟ යැවිය යුතු බවත් රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගත නොහැකි බවත් දිලීප පීරිස් මහතා සඳහන් කර තිබුණි.

ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන අතර ඔහුට අත්අඩංගුවට ගැනුණේ පොදු දේපල අවභාවිත කිරීමේ චෝදනාව මතයි.

කෙසේවෙතත් මේ වන විට වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...