සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

Date:

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර ඇත.

සාමාජිකයින් 28 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිත්වය විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් දරනු ලබයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් මෙම කාර්යය සාධක බලකාය සමන්විතය.

එම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම, ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම, ආකර්ෂණීය ගමනාන්ත සදහා පහසුකම් පුළුල් කිරීම, තිරසාර සංචාරක සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය අලෙවිකරණය සහ සන්නාමකරණය යන කාර්යයන් සිදුකිරීමට අපේක්ෂා කරයි.

ගැසට් නිවේදනයට අනුව කාර්යය සාධක බලකාය විසින් වසර දෙකක කාලයක් තුළ දී එම රාජකාරී ඉටුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...