එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

0
1267

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත පහර දීම සඳහා එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිතා නොකරන ලෙස පෙන්ටගනය යුක්රේනයට නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර තිබුණේ, පෙන්ටගනය විසින් යුක්රේනයට එක්සත් ජනපදයේ නිෂ්පාදිත හමුදා උපායික මිසයිල පද්ධති හෝ ඇටැක්ම් භාවිතා කිරීම අවහිර කර ඇති බවයි.

ට්‍රම්ප්ගේ පරිපාලනය මෙය හඳුන්වා තිබුණේ, පසුගිය සතියේ රුසියානු ජනාධිපතිවරයා සහ වොල්ඩොමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා සඳහා ව්ලැඩිමීර් පුටින් සම්බන්ධ කර ගැනීමේ උත්සාහයේ කොටසක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබූ බවයි.