*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ලෝකයෙන් ලැබුණු ඉඩේ, හැඩේ වෙනස් කරමින් සිටින ගිඩේ

සියල්ල ගෝලීය සංස්කෘතියක් ඇතුළත තීරණය වෙද්දී පුද්ගලයාට ස්වීය අනන්‍යතාවය ජනිත කරන්නට භූමියක් අවශ්‍යය වේ.එය ඔහු ස්වභාවයෙන් උපදින භූමිය නොවිය හැකිය.ලෝකයේ ක්‍රීඩා කේෂ්ත්‍රය ගත් විට මේ තත්ත්වය හොඳින් දැකිය හැකි අතර ආර්ථික හා සමාජීය සන්දර්භයන් හි ඇති වටිනාකම් වෙත මානව ශක්තීන් ආකර්ශණ වීම සිඳුවෙමින් ඇත.
දුප්පතෙක් ලෙස ඉපිද දුප්පතෙක් ලෙසම මිය යාම ඊට මුහුණ දෙන පුද්ගලයාගේ ගැටළුවක්ය යන දාර්ශණික මතය පුන පුනා කියන ඇතැමුන්ද,මේ දේශ සීමාවන්ගෙන් පිටතට ඒම දකින්නේ මහා සංචාවක් හැටියට පමණි.අද වන විට ආසියාවේද මැද පෙර දිග රටවල් වෙනත් රටවල මානව සම්පත්වලින් සිය රටේ ක්‍රීඩාව බබලවනු දුලබ නැත.
මෙය මා හිතන හැටියට මිනිසෙකුගේ අයිතිය ය.ඔහු දක්ෂතා සහිතව ඉපිද ඒවා රෝපනය කරන්න භූමිය් නැතුව මිය යාම ලෝකයටම අවුලකි.ක්‍රීඩාවේ ආනන්දය සහ ආශ්චර්යය ඇත්තේ එහි නියැලෙන මිනිසුන්ගේ හැකියාවන්හි සුවිශේෂත්වය මතම වන නිසා,එවැනි දක්ෂතා මිය නොගොස් ලෝකය දැකිය යුතුය.ගෝලීය සංස්කෘතික අවකාශය ඇතුළත ඒ නිසා ක්‍රීඩාවේ දක්ෂතා සඳහා දේශසීමාවලින් ඔබ්බට මායිමක් තිබිය යුතුය.සැබෑ දක්ෂතා සඟවා මතුවන දක්ෂයා පිදීමට වඩා සැබෑ දක්ෂයාට මේ ලෝකයේ ඉඩක් තිබීම වැදගත්ය.
විශේෂයෙන්ම අප්‍රිකානු මහද්විපයේ දුර දිවීම සඳහා ලෝකයෙන් ඇති ඉල්ලුම අතිශයින් වැදගත් කොට සැළකිය යුතුය.ස්වභාවයෙන්ම දැරීම ජීවත්වීම උදෙසා වැදගත් කොට අනේක විඳ පීඩනයන් සපිරි උපතක් අප්‍රිකානු උරුමය වන්නේය.දුප්පත්කමත්,නූගත්කමත් අත්වැල් බැඳ ගත් ඔවුන්ගේ ජීවිතවලට උරුම විවධ වූ මිත්‍යාවන් සහ ඒ මිත්‍යාවන්ගෙන් නොමඟ ගිය මිනිසුන් පාලනය කිරීම පිණිස සකස් කර ගත් යුද්ධය ය.
නැගෙනහිර අප්‍රිකාවේ මේ තත්ත්වය සුලභය.එවැනි රටක් වන එරිත්‍රියාව මලල ක්‍රීඩාවේ මාතෘකාවක් බවට පත් කල හැකි අපූරු ගැටයෙක් ගැන මේ මොහොතේ ලෝකයේ අවධානය යොමු වී ඇත.එළැඹෙන සැප්තැම්බර් 3 වන දාට 22 වන වියට පා තබන මේ තරුණයා නමින් එෆ්රම් ගිඩේය.

ඔහුව අසරණ කළ යුද්ධය විසින් අයර්ලන්තයට වීසි කර දැමූ අතර අද අයර්ලන්තය ඔහුව හදා වඩාගෙන ලෝක දුර ධාවන පිටියේ වටිනා වස්තුවක් බවට පත් වෙන්නට අවශ්‍යය ඔප දැමීම් කරමින් ඇත.
ගෙඩේ 2019 දී යුරෝපානු අවුරුදු 20 න් පහළ රට හරහා දිවීම ජය ගනිමින් ලෝකයේ අවධානය තමා වෙත හරවා ගන්නට සමත් වූවාය.එතැන් පටන් ක්‍රමයෙන් පෙරට ආ ගිඩේ මේ වන විට අයර්ලන්තය සතු හොඳම මීටර් 10000 සහ 5000 සඳහා වන ධාවකයා බවට පත් වී ඇත.මේ මොහොතේ අයර්ලන්තය යුරෝපා මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 10000 ඉසව්වෙන් තමන්ගේ හොඳම පෞද්ගලික කාලය ලෙස විනාඩි 27:59.22 කාලයක් වාර්තා කළ ගිඩේ ගැන පදක්කම්ලාභියෙකුට මෙන්ම සැළකිල්ල යොමු කර ඇත්තේ එම ධාවනයේ ඇති අයර්ලන්තයට හිමි අනාගත වටිනාකම ගැන දැකය.
එම තරගයේම දෙවන තැන ගත් ෂෙරී කේබ්රේන් මිෂැන්ග් නෝර්වේ රාජ්‍යයට දිනා දුන් රිදි පදක්කමේ මුල ඇත්තේ ද එරිත්‍රියාවේය.නමුත් එරිත්‍රියාව යනු තවමත් ලෝකය විවෘත නොවුණ යුදමය සමාජයක මානව ශක්තීන් සඟවා තිබෙන ගුහාවක්ය.ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකා කෙරෙහි වෛරයෙන් බෙදී ඇති ජයග්‍රහණය විනාශයෙන් සළකුණු කර ගනිමින් සිටින නොදියුණු රටකි.තිස් වසරක යුද ජයග්‍රහණය ගැන ජාතීන් වශයෙන් බෙදී උදම් අනින කොටසක් ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය ඇතුළත නිර්මාණය කර ගන්නට දේශපාලන නායකයන් සමත් වී ඇති ආකාරය මෙන් විශාල ප්‍රමානයකින් රට අභ්‍යන්තරයේ එකිනෙකා කෙරෙහි වූ වෛරයක් නිර්මාණය කර ගැනීමට සමත් වූ රටක් ලෙස එරිතියාව ද සිටින්නේ සුළු පිරිසකගේ පැවත්ම උදෙසා ගහ ඇන කොටා ගන්නා පාලනයක සෙවණේය.
එරිත්‍රියාවේ ඔලිම්පික් කමිටුවක් නිරමාණය වන්නේම 1996 දී ය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට එය සම්බන්ධ වී ඇත්තේ 1999 දී ය.2000 වසරේ පටන් මේ දක්වා ඔවුන් ඔලිම්පික් තරග සදහා සහබාගි කරවා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය 55 ක්.ඒ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හයක් සඳහාය.දිනා ඇත්තේ තවමත් එක් ලෝකඩ පදක්සක් වන අතර එය 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 10000 පිරිමි ඉසව්වෙන් ෂෙර්සෙනෙයි තදෙසේ දිනා දී ඇත.ලෝකයේ කතාබහට ලක් වූ දුර දුවන්නෙක් වූ තදෙසේ ගැන වෙනම සටහනක කතා කළ යුතු අතර ඒ ආඩම්බර එරිත්‍රියානුවා මානවීය ධර්මතා කෙළෙසෙන රටක මානව ශක්තීන් හී අපූර්වත්වය ලොවට කියා දුන් පළමු වැන්නාය.
අද ඒ මඟ ඔස්සේ පෙරට එන ගිඩේ අයර්ලන්තයේ මතු බලාපොරොත්තු සහිත විශිෂ්ඨයෙක් බවට පත්ව ඇත.අවුරුදු 21 ක තරුණයෙක් හැටියට ගිඩේ යන මඟ අඟේ කර සළකන්නේ අයර්ලන්තයම පමණක් නොවේය.මලල ක්‍රීඩා විචාරකයෝද ලෝකයට අයිති මේ විශිෂ්ඨයා දෙස බලාපොරොත්තු වපුරමින් සිටින්නේය.එරිත්‍රියාවේ උණ්ඩයක ඉලක්කයක් නොවන්නට ගිඩේට ක්‍රීඩාව සම්මුඛ වී ඇත.ලෝකයේ අපූර්වත්වය සැඟවී නොයන්නට ක්‍රීඩාවේ ඇති පුළුල් ඉඩ ගැන ගිඩේ ලෝකයට අලුතින් තවත් පණිවිඩයක් දෙමින් ඇත.
දක්ෂයාට කොතනකින් හෝ ලෝකයට පිවිසෙන්නට ඉඩ තිබිය යුතුය.එතෙක් ජයගන්නේ සැබෑ දක්ෂයා නොවේය.ක්‍රීඩාව නොව විෂය කුමක් වුව එහි සැබෑම දක්ෂායාට ලෝකයට සැපයිය හැකි ආස්වාදය,ආනන්දය පමණක් නොව ආකල්පමය වෙනස්කම වෙනුවෙන් ද ලෝකය තවත් පටුව එක යායක වෙසෙන මිනිස් පවුලක් ලෙස දුක – සැප බෙදා ගන්නා ඉඩකට යාම අතිශයින්ම වැදගත්ය.ගිඩේ වැන්නන් ඒ ඉඩේ හැඩේ වර්ණවත් කරන්නට සිය දාහය වැය කරමින් සකලවිධ ලෝකයට ආනන්දය ගෙනෙනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan