ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගන්න – ඇමරිකානු කොන්ග්‍රස් සභිකයන් 10 ක් රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මර්දන නීතිවලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ USAID ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම ලිපිය සඳහා ඇමරිකානු කොන්ග්‍රස් සභිකයන් 10 දෙනෙකු අත්සන් තබා තිබේ.

විරෝධතා දැක්වීම සඳහා පුරවැසියන්ට ඇති අයිතිය ආරක්ෂා කළයුතු බවත්, සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම වහාම නතර කළයුතු බවත් පෙන්වා දෙන කොන්ග්‍රස් සභිකයන් රාජ්‍ය ලේකම්වරයාගෙන් හා USAID ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා හැකි සියලු මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජයට බලපෑම් සිදු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව ස්ථාවර කිරීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගතයුතු බවත්, USAID ආයතනය හරහා ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා කඩිනම් පියවර ගතයුතු බවත් කොන්ග්‍රස් සභිකයන් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...