අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු තිදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 03 ක් ගොනු කරන බව ඔවුන්ගේ නීතිඥයන් ප්‍රකාශ කරනවා.

නීතිඥ නුවන් බෝපගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අධිකරණය මගින් යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ගොනු කිරීමට තීරණය කළ බවයි.

පසුගියදා කොළඹදී පැවති උද්ගෝෂණයක් අතරතුරු මෙම තිදෙනා අත්අඩංගුවට ගත් අතර රැඳවුම් නියෝග යටතේ ඔවුන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් දේශීය වශයෙන්ම විදේශීය වශයෙන්ද ආණ්ඩුවට විරෝධය එල්ල වී තිබේ. ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා අත්සන් තැබූයේ එල්ල වූ දැඩි විරෝධය නොතකායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...