නාගමුව සහ ස්ටාලින් ඇතුළු සිව් දෙනෙකුට ඇප!

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්,ජීවන්ත පීරිස් පියතුමා සහ නලින් ගුණවර්ධන වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මතයි ඔවුන් එලෙස ඇප මත මුදාහැර ඇත්තේ.