Saturday, December 3, 2022
spot_img

Latest Posts

අත්අඩංගුවට ගෙන දින 06කට පසු වසන්ත මුදලිගේ තංගල්ල බන්ධනාගාරයේදී! (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අතර අද ඔවුන් මුණ ගැසීමට නීතිඥ නුවන් බෝපගේ එහි ගොස් තිබුණා.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මුණ ගැසීමට නීතිඥවරුන්ට සහ ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙහිදී ඥාතීන්ට ඔවුන්ව මුණ ගැසීම සඳහා සතියේ දින පහ තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලයේ එක් දිනයකදී අවස්ථාව ලබා දීමටයි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත්තේ.

අද දින නීතිඥ නුවන් බෝපගේ ඔවුන් මුණ ගැසී බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට වසන්ත මුදලිගේවද කැමරාවකට හසුකර ගැනීමටහැකිව තිබෙනවා.

ASK

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.