ජංගම දුරකතන ලබාදෙන තුරු සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රඳවා තබා ගන්නැයි නියෝග

Date:

ගාලුමුවදොර අසල ගෝඨාගෝ හෝම් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ජංගම දුරකත පොලිස් භාරයට ගන්නැයි මීට පෙර අධිකරණය නියෝග කර තිබිණි. කෙසේ නමුත් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වූයේ ඔවුන් තවමත් සිය ජංගම දුරකතන පොලීසිය වෙත බාර දී නොමැති බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ අද මෙම නඩුව කැඳවා තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේ සැකකරුවන් තවමත් ජංගම දුරකතන ලබා දී නොමැති බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට තරයේ අවවාද කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අතට පත් කරන තෙක් සැකකරුවන් රඳවා ගන්නා ලෙසයි. අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කොට යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...