අර්බුදයට ලක් වූ චීන කාබනික පොහොර නැවට ගෙවූ මුදල් නැවත අයකර ගත නොහැකි වී ඇති බව කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. තමන් ඇමති ධුරයට පත් වූ සැනින් අදාල මුදල යළි අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලූ බවත් කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක විය හැකි බවත් ඇමතිවරයා පවසනවා.
මෙරට වගා කටයුතු සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව අදාල පොහොර නැව ආනයනය කර තිබූ අතර මෙරටදී සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූයේ අදාල පොහොර වගා කටයුතු සඳහා භාවිතා කළ හැකි මට්ටමේ නොමැති බවයි. පොහොර නෞකාව සඳහා රුපියල් ලක්ෂ 69 ක මුදලක් ගෙවීමට සිදු වූ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අදාල මුදල් යළි අයකර ගැනීමට හෝ පොහොර ලබා ගැනීමට හෝ කටයුතු කරන බවයි.
කෙසේ නමුත් වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ගැටලුව විසඳාගත නොහැකි මට්ටමක පවතින බවයි. අවසානයේදී සල්ලිත් නොමැති වී පොහොරත් නොමැති වන තත්වයක් උද්ගත වී ඇති බවද ඇමතිවරයා පවසනවා.
UN