රජයට වී ගබඩා නැති නිසා සහල් මිල ඉහළ යාවි – ඇමති අමරවීර

Date:

කොළඹ LNW:රජය සතුව සහල් සහ වී ගබඩා නොමැති බැවින් ඉදිරියේදී දී සහල් මිල ඉහළ යෑමට ඉඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විශාලතම සහල් සහ වී තොගය පෞද්ගලික අංශය සතු බව අමාත්‍යවරයා සඳහන් කරන අතර සහල් මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට බලපාන ආකාරය පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින නියඟය හේතුවෙන් 22වෙනිදා වනවිට වගා හානි සිදු වී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් බව සඳහන්.

අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

එම මණ්ඩලය විසින් සකස් කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව සකස් කළ දෛනික වාර්තාව ඊයේ (23) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට ලබා දී තිබුණි.

වගා හානිවලට ලක්වූ වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව 45,678ක් වන අතර, අනෙකුත් බෝග හානි සම්බන්ධව ගොවීන් ප්‍රමාණය 394ක් බව එහි සඳහන්.

වී සහ අනෙකුත් බෝග වගා හානි සිදු වී ඇති සමස්ථ ගොවීන් ප්‍රමාණය 46,072කි.

පසුගිය 22 වැනිදා දිනය වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.එය අක්කර 24,647.92කි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදු වී ඇති ගොවීන් ප්‍රමාණය 29,472ක් බව සඳහන්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1898.25ක් වන අතර පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 1787කි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගා කළ කුඹුරු අක්කර 699.75ක් වගා හානි වී ඇති අතර, පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 320ක් බව දැක්වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 336.20ක් වගා හානි වීමෙන් ගොවීන් 292ක් පීඩාවට පත්ව ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...