මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් ගැන අනියත බියක් එපා – වෛද්‍ය සමිත ගිනිගේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ,  මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගතයුතු නැති බවයි.

ගිනිගේ මහතා කියා සිටියේ , සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බවත් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප  තත්ත්වයට පත්වු අතර ඔවුන්ට මෙම මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය වී තිබුණු බවත්ය .

මෙහිදී මෙම රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩි දුරටත් පැවසීය.

“මෙම රෝගී තත්ත්වය යටතේ සෑම වසරකම රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා. මේක හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක ආශ්‍රිතයින් මාර්ගයෙන් පැතිරෙන්න පුළුවන්. මේකෙන් ප්‍රජාවට කිසිම බලපෑමක් නැහැ. මුලින් හඳුනගත් රෝගීන් දෙදෙනා විතරයි තාම වාර්තා වෙලා තියෙන්නේ. මේ වගේ රෝගයක් පැතිරෙන්න පුළුවන් සමීප ආශ්‍රිතයන් ඇසුරෙන්.”

ලෙස වෛද්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp room වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...