පෞද්ගලික අංශය දුම්රිය එන්ජින් සෑදීමටත් දිරි ගැන්විය යුතුයි – බන්දුල

Date:

කොළඹ LNW:ඉවත දැමූ දුම්රිය මැදැරි විශිෂ්ඨ ලෙස ප්‍රතිසංස්කරණය කරන පුද්ගලික අංශය දුම්රිය එන්ජින් සෑදීමට ද දිරි ගැන්විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

TANTRI ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කරන වැඩබිම දැකබලා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද රුමේනියානු හා පවර්සෙට් දුම්රිය මැදිරි මෙම වැඩ බිම තුල දී නැවත සම්පූර්ණයෙන් අලුත්වැඩියාවටලක්වන අතර දුම්රිය දෙපාර්තමේන්තුව හා TANTRI ආයතන 2017 වසරේ සිට ඒකාබද්ධව ගිවිසුමකට අනුව ධාවනයෙන් ඉවත් මේ කරන ලද මැදිරිය 300 ක් නැවත අලුත්වැඩියාවට ලක් කරන අතර ඉන් මැදිරි 260 ක් පමණ වැඩ අවසන් කර මේ වන විට නැවත ධාවනයට එක් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රෝද කට්ටල හා තිරිංග පද්ධතිය නැවත අළුත්වැඩියා කර TANTRI ආයතනයට ලබා දෙන අතර ඉන් අනතුරුව දුම්රිය මැදිරියේ චැසිය, බොඩිය හා ඇතුලත සියලු කටයුතු නිමාකර භාරදීම TANTRI ආයතනය විසින් කරනු ලබයි.

එක් මැදිරියක් සම්පූර්ණ වශයෙන් අලුත්වැඩියාවට ලක්කිරීමට රුපියල් මිලියන 25 පමණ මුදලක් වැයවන බවත් විදේශ රට වලින් දුම්රිය මැදිරි මිලදීගෙන නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවා ලංකාවට ගෙන එන විට දුම්රියක මැදිරියක මිල මීට වඩා කිහිප ගුණයකින් ඉහල යන බව මෙහිදී අනාවරණය විය.

වැඩබිම නිරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් හා සාකච්ඡාවකට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ විශාල පිරිසකට රැකියා ලැබෙනවා මෙන්ම විශාල පිරිවැයක් ඉතිරි කරගත හැකි මෙම වැඩපිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන යා යුතු බවයි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව හා TANTRI ආයතනය එක්ව දැනට භාවිතා කරන ඇල්ල ඔඩිසි දුම්රිය වෙනුවට සුඛෝපභෝගී නව සංචාරක දුම්රියක් සෑදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා රජයෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමන් කටයුතු කරන බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...