වගා හානි සඳහා අක්කරයකට රු.40000 බැගින් වන්දි දීමට තීරණයක්!

Date:

කොළඹ LNW: පවතින නියඟය හේතුවෙන් වගා හානියට පත් ගොවීන් සඳහා වන්දි වශයෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් සහ හෙක්ටයාරයටකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීන්දු කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේ දීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

නියගය නිසා ඊයේ දින වන විට, අක්කර 51,479ක් වගා හානි සිදු වී ඇති අතර වී ගොවිතැන පමණක් අක්කර 51,055 හානි වී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. නෙකුත් භෝග අක්කර 1000ක් පමණ හානි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,”වී, මිරිස්, අර්තාපල්, ලොකු ලූණු සහ සෝයා රජය විසින් ස්වයංව රක්ෂණය කර තිබෙනවා.එම නිසා අක්කරයකට රුපියල් 40,000 බැගින් හෝ හේක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා. නමුත් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික් වල වගා හානිය මේ වන තෙක් වාර්තා වී නැහැ.” .යනුවෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...

පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...