අනුර ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ රනිල්ගේ වත්කම් බැරකම් හොයන එකයි – හඳුන්නෙත්ති

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව මුලින්ම කළයුතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කිරීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“දැන් අනුර දිසානායක සහෝදරයාගෙ වත්කම් බැරකම් ඔහු කියලා තියෙන ප්‍රමාණයට වඩා රනිල් වික්‍රමසිංහගේ අඩුයි කියනවා නම් ඒකම පිළිගන්නවාද මේ රටේ මිනිස්සු ? ඒකම බොරුවක්නෙ. එතනත් වංචාවක්නෙ කරලා තියෙන්නෙ. මොකද මේ රටේ ජනතාව දන්නවා හොඳටම රනිල් වික්‍රමසිංහලා හම්බකරගත්ත ඒවා කොහොමද තියෙන්නෙ කියලා. මහබැංකුවෙන් ගහපුවා තියෙනවා, ඒවා හැබැයි ඔය එකවුන්ට්වල නෙවෙයි තියෙන්නෙ. ඒවා තියෙන්නෙ වෙන එකවුන්ට්වල. ඒකත් හංගලා තමයි ගහලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය හරිද කියලා හොයන එක මං හිතන්නෙ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ වැඩක්”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...